8 පිටුව
 

අයෙක්‌ රට වැස්‌සෝ
වටලූය දැසි දස්‌සෝ
ඌය පෙර නිස්‌සෝ
දැනුත් වටලා දුවති මැස්‌සෝ


දිය සෙ සියු සයුරේ
මහසෙනඟ ඇති නිතොරේ
සපැමිණි උවදුරේ
ඔවුන් ගැණ ගත හැකිය මෙ පුරේ


වැඩි කෙරෙමි ලොවට
සපැමිණ මෙ රජ සැපතට
කිසියම් නැති ලෙසට
කිමෙක පිහිටක්‌ නො වනු මෙ දුකට


දුබ්බික්‌ දුක්‌ මුසූ
තම සිත දුකට සුදුසූ
නුවරුන් බස්‌ ඇසූ
නිරිදු මෙ ලෙසින් තෙපුල් පැවසූ


රජුන් අදැමිටු වත්
වෙති මැතිඳෝ ද එ පවත්
දැක උන්ගේ පුවත්
බමුණු ගහපතියෝ ද එ ගනිත්


උන් දැක දනවු වැසි
දන වෙති අදහටම රිසි
රැක උන් වෙත පැහැසි
සුරන් සිතටත් එ දම් අදහසි


එ දැක තුරු දෙවියෝ
වෙති එ දහම ම සෙවියෝ
එයින'හස දෙවියෝ
කෙරෙති සිත අදහමින් නොවියෝ


මෙලෙසින් අදහමට
නිරිදුන් ලොව පැමිණි විට


එ රජුන් නතු රට

හමයි විසමව පවන් දැඩි කොට

එ පවන් වැද සැලෙත
නුබ දෙවි විමන් ගමනොත
කිපුමෙන් සුරන් සිත
නො වස්‌වති වැසි ලොවට කර සෙත

(c) Shilpa Sayura Foundation 2006-2017