ගජ තුරඟ සෙන් හඬ
රියසක් පසඟතුරු හඬ
මෙ හැම වෙසෙසින් මැඬ
වැජඹි බලු කැණහිලුන්ගේ හඬ
දිය අගළ ගැඹුරූ
වසා පවුරිස් අතුරූ
මළ මිනියෙන් පිරූ
වටා කළ වැනි අමුතු පවුරූ
දඹදිව් තල අවට
උවදුරු තාක් එක් කොට
නො හැර ගෙන එක විට
අවුත් මරු බට වැන්න එපුරට
ගොඩ ගොඩ ඇට සැකිලි
තැන තැන තුබූ බලි බිලි
මඟ මඟ රෙදි වැරැලි
එපුර ඇම තැන බලත් පිළිකුලි
දොර දොර මිනී බෙර
ගෙයි ගෙයි හඬය බියකර
පිළි පිළ අදින මර
දුගී ගිලනුන්ගෙන් නැත'වසර
මුත වරල ඉස ඉස
හෙන කදුළැලිය ඇස ඇස
සාගිනිය කුස කුස
කියන දුකුළවු ම විය බස බස
කඩ කබල අත අත
ඉපිලි නහරය ගත ගත
බැගෑ හඬ වත වත
වැඩුණු දළ සෝගිනිය සිත සිත
බිය තුනකින් රුදුරු
බලා සපැමිණි උවදුරු
ඇදුරන් ගෙන ගැඹුරු
ඇතුළු නුවරට වන්නු එනුවරු
උනුන් වෙත පිය බස
යොදමින් සිතින් සහතොස
උන් රජ මැති පිරිස
නැමඳ ඇති තතු කිවුය මෙ ලෙස