4 පිටුව
 

සාගිනි විතර මිස
නො කරන ලෙසින් බත්කිස
නො කරවති දන රැස
සතන් රක්‌නා විතරකට මිස


පියුමෙහි මී විලෙහි
තබා බොන හස මෙන් මෙහි
දන දනවතුන් ගෙහි
තබා වැඩ විඳ ගනිති නිති එහි


ඇතු රක්‌නා පිණිස
දා ලන අනුන් සස්‌ ලෙස
එකකුට වැඩ පිණිස
නො දෙති උදුරා එකකුගේ යස


මෙ වැනි දස්‌කම් කොටට
ලබමි යමක්‌ ආහට
නො ම දී එය ඔහුට
නො යා දෙති දොම්නසින් සිය ගෙට


මල සිඳෙන පමණට
දවන රන් සේ ගිනි කොට
කළ වරද පමණට
දෙවති සන්තාප ඔහු දන හට


සිදු වඩදිය නො වන
කළපුව සිඳෙන දිය මෙන
සැපෙන් දුරු වුව දන
තුමු නො ඉඳිති සිතින් සැප ගෙන


දුන්නෙහි දැඩි කමෙන්
විදි සැරය දුර යන මෙන්
තම කළ දැඩික මෙන්
සතුන් දුර නො යැවුය නියමෙන්


මුල තිරව සිටි සේ
සසලවන තුරු සිරසේ
සත සුව විඳින සේ
තුමූ සසලව සිටිති සිත සේ


නුවර රැක වරණට
කරන පව්රෙව් තිර කොට
ලොවට රැකවරණට
තමා තරකොට ගනිති හැම විට

(c) Shilpa Sayura Foundation 2006-2017