ඇත්ගොව්වන් මරා
තුටුවන ගජන් අයුරා
දුක් ගත්තන් මරා
එයින් තුටු සිත් නො වෙති ඉදුරා
56. සුවඳ හැල් උදුරා
රකිනෙව් වරා ඉදුරා
අදහම් රැක පුරා
දහම් නො නසති සිතින් නිතොරා
පස් ඉදුරන් රැගත්
අරමුණු පසින් සැප ලත්
විලසින් පවන් සිත්
ලෙවන් ලද සැපතින් ම තුටු වෙත්
වතුරු වැලි බිම් පෙත
නො හැර ම කරන මෙන් තෙත
දුක්පත් සතන් වෙත
කෙරෙති නිති මහ කුලුණු මෙත් සිත
කළ පිරුණු තෙල් ඇති
රකින'දුරු නිසල කොට නිති
මහතුන් ගුණ නැණැති
නිතොර රැක බැති සිතින් පවතිති
හමන පවනක් සේ
ගවරවළ පුල් සර සේ
කුල නුකුලන් දෙසේ
සමව පවතිති සිතින් සොඳසේ
හිරු නැඟෙතුදු කෙසේ
රකින'දුරු ගිරි ලෙන සේ
සැඬ දනැතත් කෙසේ
දුගී සත රැක සිටිති සිත සේ
දත් මැදලා දමන
දැහැටි දඬු මෙන් දින දින
මෙහෙ ගෙන දනන්ගෙන
පසුව නො දමති නො දන්නන් මෙන
වෙන වෙන කරල දුටු
වී ගෙන පුරන මෙන් අටු
හැම සත සිත සතුටු
තමා ළෙයි ලා නුවූ අකපටු
![](/sayura/images/logo2.png)