සඟසිරි අසාලා
කළයුරු සොදුරු සාලා
සිරින් සුවි සාලා
පවර නුවරෙක් ව් වීසාලා
සත් සමුදුර අඟළ
සත් ගිරි පවුරු වට කළ
සක් පුර මිස උදුළ
එපුර සරි කො ද පුරෙක් සක්වළ
බබළන පැහැ ගිහිණි
වෙන වෙන දෙසින් සපැමිණි
පබළු රන් මුතු මිණි
නොයෙක් සල්පිල් සියෙන් සුසැදිණි
ගනරන් කොත් පැලදි
බිතු සිතුවමින් සිත් බැදි
මිණි පහ පැහැ විහිදි
කොවේ මාවේ සියෙන් සිය සැදි
පුරවැසියන් තිළී
කෙළින කෙළි මෙන් නියැළී
දද ඉන් ඉන් වෙළී
කෙළී පුරඹර රසින් බැබැළී
මනහර රුසිරි සර
දෙවියන් ලෙසින් සුරපුර
උරයෙන් උර පැහැර
නිතොර මහසෙන් සිටිති එ නුවර
හෙන සෙණ සේ කිපෙන
තවසුන් ලෙසින් හික්මෙන
හැම රුපු සෙන් දිනන
මහත් ගජ සෙන් සිටිති තැන තැන
හසළ පස් දහරේ
කිසි දොස් නොමැති සිරුරේ
යනෙන නිති එපුරේ
තුරඟ සෙන් වැනි තරඟ සයුරේ
එ පුර රජ මහ වත
බන් රන් දෙදෙන් පැහැසත
සක්සන් ගත් දිගත
නිතර රතසෙන් විතර වනු නැත