කුලුණු මෙන් සත වෙත
පතළ නැණ කව් පදරුත
එළි කළ ලොවට සෙත
නිතොර නමදිමි මුනිදු සරණත
ළං කර සසර හිම්
දුරුකර කෙලෙස් බිය හිම්
සිදු කළ යුතු උතුම්
වඳිමු නව ලොව්තුරා සදහම්
කිසි කෙනෙකුන් පමණ
නො කළැකි ගුණැති අපමණ
සතහට පිළිසරණ
වඳිම් අදරින් අරී සඟ ගණ
බවසිදු පසු රුවන්
පිරී ගුණ මහරු වන්
මෙසේ නම කර පුදා තෙරුවන්
කය නම් අසා රය
බව නම් බයංකා රය
කියනුව දිවා රැය
කියමි බුදුගුණ අලංකාරය
මහකිවිවරන් පෙර
පවසා නො පත් පරතෙර
සුගනිදු ගුණ ගැඹර
මෙ මා කියමියි සිතනු වැර සැර
සුවාසුදහසක්
යොදුන් ගැඹුරැති මුහුදක්
ගොඩ කෙරෙමැයි උදක්
ලෙහෙනු කළ තැත් වැව්ව දවසක්
එතෙකුදුවත් සොදින්
පුරමි පිනක් නොම දින්
මුනිදු ගුණ මුහුදින්
බිඳක් දක්‌වමි උදක් ඔක දින්
නුවණ3තියෙනි මෙමා
බස දොස් ඇතත් ඒ දමා
දෙසවන් පුට නමා
පමා නොව ගනුව මුනි ගුණමා