වංකගිරිය ලඟ කැලයක
රෑ සැතපී සිට ජූජක
උදයෙන් ගොස් බෝසත් දැක
වැඳ මෙලෙසින් කීවේ හනිකආවෙමි මම බෝ දුර සිට
දරුවන් ඉල්ලා ගැනුමට
සාමිනි දරු දෙන්නා මට
දුන මැනවිය වාල්කමට
කුමරුන් දෙන්නගෙ අම්මා
පලවැල ගැන උදයෙ ම්මා
ගියාය හිමයට පෙම්මා
ආකල දෙමි සිතු නම්මා
නොතොත් නොදෙමැයි කියනු
දෙනවානම් දැන්ම දෙනු
දන්නේ නැද්දෝ ගෑහැනු
දන් පින් බාදා කරනු
රජු සහ බමුනා අතරා
මෙහෙම කතාවෙන අතරා
එය දැන ජාලිය කුමරා
බියපත් වී හද දෙදරා
වරෙන් වරෙන් මගෙ නංගී
මරණින් ගැලවෙමු හැංගී
අප දෙදෙනා අද නංගී
දෙයි බමුණුට මේ වංගී
අතන මෙතන ගස් පල්ලේ
හැංගෙනවා බය ගුල්ලේ
කොතන ගියත් එක එල්ලේ
පෙණෙයි බමුණු එම හල්ලේ
සතරැස් පොකුණට බැහැලා
කරක් පමණ දියට වෙලා
නෙලුම් පතින් හිස වහලා
උන්නා ගැහෙමින් වෙව්ලා
වෙසතුරු පිය රජු එවරා
දෙදරුවන්ට කතා කරා
ඇවිත් දෙදෙන පියපවරා
දෙපය බදා හඩන වරා
දරුවනි නුඹලා දෙන්නා
දන්දී දැන් එපිනෙන්නා
බුදුවී සහ තෙපි දෙන්නා
සසරින් සත ගලවන්නා
කියා මෙලෙස අඩමින්නේ
මතු බුදු බව පතමින්නේ
සුරතල් කුමරුන් දෙන්නේ
ජූජකයට දන් දුන්නේ
දරුවන් දන් දුන් සැනිනා
කම්පාවුනි මුලු දෙරනා
සාදුකාර දී තුටිනා
එම පින් ගති බඹ සුරනාපිය රජු දෙනෙතින් ගලනා
කඳුලෙන් කුමරුන් තෙමුනා
කඳුලෙන් කුමරුන් හඩනා
රජුගේ දෙපතුල් තෙමුනා
දරුවන් ඇති අයට සගේ
බොහොමයි දරුවන්ගේ අගේ
බුදුවෙන උතුමන්ට අගේ
බුදුබව බැව් මෙයින් හැගේ
