
නෙලා තිබුණු රස පලවැල කවමින් සනසා දරු දෙන්නේ-යලි
බලා හිමිගේ තතු වැඳ සමුගෙනවිත් රෑ බෝ වූ බැවිනේ
දූලා දෙදරුවන් දැලේ ලාගෙණ කිරි පොවමින් දෙතනේ-සැක
පිලා සිටිය ඒ බිසවට බියකරු සීනයකුත් පෙනුනේ
කලුවන් මිණිසෙක් කහවන් පිළිහැඳ රත්මල් කණ පැල ඳා-ගෙණ
සුරතින් කඩුවක් සිටි ඒ යහනින් බිසවුන් බිම ඇදඳා
කපමින් අත් දෙක ලේ වගුරුවමින් ඇස් දෙක උගුලා දා-යලි
පලමින් පපුවද හදවත ගෙන ගිගෙ තද දුක් දී නොමදා
ලෙස් මෙම සීනය දැක්ක බිසෝසඳ බිතව පිබිදී ලා-සෙද
ගොස් එම වෙස්සන්තර නිරිඳාහට කීවේ අඬා වෙව්ලා
ඉස්තිර සේ දැන දන් ගැනුමට යදියෙක් එන බැව් නුමු ලා-රස
බස් පවසා බිසවුන් සනසා යැව්වේ එතුමා එකලා
දැක්ක සීනේ නපුරුයි දරුවන්හට සාමිනි අද දවසා-සෙද
රැක්ක මැනව මා එන තුරු දරුවන් කියමින් නෙක විලසා
කෙක්ක සමඟ පැස අරගෙන යන්නට ගොස් පලවැල උදෙසා-තව
දුක්ක තෙපුල් දරුවන් ලංකර ගෙන කීවේ මේ විලසා
කෑමට නැත අද පල වැලා-දැන්
ඒකට යමි මම් හිම තුලා
රෑ දුටු සීනය තද බලා-අහෝ
යාමට මගෙ සිත සංචලා
උන්නේ මුත් පියතුමා ල හා-ඇවි
දින් නේ දරුවන් බැඳි ල හා
දන්නේ නැත වන වග තුගා-මම
යන්නේ කෙලෙසද පය නගා
වෙනදාවගෙ ගොස් හිතුමතෙ-සෙල්
ලමි නොකරල්ලා අද පුතේ
මා දුටු සීනය හොද නැතේ-අද
නංගි නුඹට බාරයි පුතේ
දරුනු වලස් කොටි නෙකස පා -ඇති
මෙවන මැදක ඉන්නේ අපා
පෙනෙන තැනක මිස පියනොපා-වෙන
කොතනවත් යන්නට එපා
ජාලිය කුමරුනි මගෙ පුතේ-නුඹේ
නංගිට වැඩි දැනුමක් නැතේ
මා එනතුරු ගොස් හිම වතේ-අද
නංගි නුඹට බාරයි පුතේ
පේර දෙලුම් අඹ දඹ ඇතේ-පලු
වීර හිඹොටු ගෙන දෙමි පුතේ
බෑර නොගොස් මේ හිම ගතේ-අත්
නෑර නංගි සිටපන් පුතේ
