ඝර්ෂණය
 
එකිනෙකට ස්පර්ශව ඇති පෘෂ්ඨ දෙකක චලනයන් වැළැක්වීම සඳහා
පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බල ඝර්ෂණබල ලෙස හඳුන්වයි.

ඝර්ෂණබල ඇතිවීමට හේතුවන ගුණය ඝර්ෂනය නම් වේ.

ඝර්ෂණබල වලට එරෙහිව කාර්යය කිරීම සඳහා ශක්තිය වැය කිරීමට යන්ත්‍රයට සිදුවේ.
මේ නිසා ශක්තිය අපතේ යෑමක් සිදුවේ.

ඝර්ෂණය අපට බොහෝ සෙයින් වැදගත්වේ.
එහෙත් සමහර අවස්ථා වලදී යන්ත්‍ර භාවිතයේදී ඝර්ෂණය අවාසිදායක වන
අවස්ථාද ඇති අතර එවිට යන්ත්‍ර ක්‍රියාතිමක කිරීමේදී ඝර්ෂණය අඩු කිරීමට උපක්‍රම යෙදිය යුතුවේ.

ඝර්ෂණය අඩු කිරීමට යෙදිය හැකි උපක්‍රම කීපයක් පහත දැක්වේ.

1.ස්පර්ෂ රළු පෘෂ්ඨවල රළුබව අඩු කිරීම හෙවත් සුමට කිරීම

2.ස්පර්ෂ වන පෘෂ්ඨ අතරට ලිහිසි (ඔයිල්) තෙල් හෝ ග්‍රිස් යෙදීම

3.බෝල බෙයාරිම් හා රෝලර් බෙයාරිම් යෙදීම

ඝර්ෂණයක් සිදුවන අවස්ථාවකදී ශක්තිය තාපය ලෙස අපතේ යයි.
ඝර්ෂණය අවම කළ විට යන්ත්‍රවල කාර්යක්ෂමතාවය වැඩි වෙයි.

ඝර්ෂණ බලය නිසා ශක්තිය අපතේ යාමට අමතරව ශක්තිය විවිධ ශක්ති ස්වරූප වලින් අපතේ යන ක්‍රම කීපයක් පහත දැක්වේ.

ආලෝකය ශක්තියක් ලෙස අපතේ යන ක්‍රම

ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් භාවිතා කරන්නේ දර ලිප්ය. ඒ අතරින් වැඩිපුරම භාවිතා වන්නේ සාමාන්‍ය ගල් තුනේ ලිප්ය. මෙම ලිප් වැඩිපුර භාවිතා කිරීමට හේතු කීපයක් පහත දැක්වේ,

1. පහසුවෙන්ම සාදා ගත හැකිවීම නිසා
2. විශේෂ වර්ගයේ ඉන්ධන වර්ගයක් අවශ්‍ය නොවන නිසා
3. දර පහසුවෙන් සපයාගත හැකි වීම
4. බොහෝ විට ඉන්ධන සඳහා මුදලක් වැය නොවීම

ගල් තුනේ ලිපේ අවාසි.

1. ආලෝකය ලෙස ශක්තිය අපතේ යාම වැඩිපුර සිදු වීම.
2. තාපය ලෙස ශක්තිය අපතේ යාම
3. දැලි බැදීම හා දුම් ඇතිවීම

ශබිදය ශක්තියක් ලෙස අපතේ යන ක්‍රම

යන්ත්‍ර ක්‍රියා කරවන විට සිදුවන අධික කම්පනය නිසා ශබිදය ඇතිවේ.

අනවශ්‍ය ලෙස ඇතිවන කම්පනය අඩු කිරීමට උපක්‍රම යෙදීමෙන් ශබිදය ලෙස අපතේ යන ශක්තිය ඉතිරි කර ගත හැකිවේ.

විදුලි බල්බ මගින් ද ශක්තිය ලෙස ශබ්දය අපතේ යයි.
(c) Shilpa Sayura Foundation 2006-2017