ශක්ති පරිවර්ථන
 

1). ඉටි පන්දමක් දහනය වන විට එහි අභ්‍යන්තර ශක්තිය තාපය බවට ද ආලෝකය බවට ද පත්වෙයි.

 



 

 

 

 

 

 

2). සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන කැල්කියුලේටරය (ඝනක යන්ත්‍රය).
මෙහි දී සූර්යාගෙන් ලැබෙන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත්වෙයි.

 


(සූර්ය ශක්තිය  →  විද්‍යුත් ශක්තිය)


3). බයිසිකලයක් පදිනවිට බයිසිකලය පදින්නාගේ සිරුරේ තිබෙන ආහාරවල අන්තර්ගත ශක්තිය චාලක ශක්තිය බවට පත්වීම.


(ආහාර ශක්තිය →  චාලක ශක්තිය)

4). විදුලි කේතලය ක්‍රියාකරන විට.
මෙම අවස්ථාවේදී විද්‍යුතය තාපය බවට පත්වෙයි.


(විද්‍යුත් ශක්තිය → තාප ශක්තිය)

5). න්‍යෂ්ටික විදුලි බලාගාරයක් තුල.


 

යුරේනියම් වැනි විකිරණශීලි මූලද්‍රව්‍ය වල පරමාණුක න්‍යෂ්ටික පිපිරීමක් සිදුවූ විට අධික තාපයක් පිටවේ.
මෙම තාපය මඟින් ජලය වාෂ්ප බවට හරවා ට'ර්'බයිනය කරකැවීමට යොදාගනු ලැබේ.
ට'ර්'බයිනය මඟින් විද්‍යුත් ජනක ක්‍රියාකරවා විදුලිය න්පදවිය හැකිය. 

(න්‍යෂ්ටික ශක්තිය  →  තාපය  →  චාලක ශක්තිය  →  විද්‍යුත් ශක්තිය)