ශක්ති සම්ප්‍රේෂණය
 

එක් ස්ථානයක දී යෙදන ලද ශක්තියක් වෙනත් ස්ථානයක දී කාර්යය කරවා ගැනීම ශක්ති සම්ප්‍රේෂණ වේ.

මහන මැෂිම , වීමෝල වැනි යන්ත්‍රවල ඇති රෝද යා කරන පටි මඟින් ද,  පා පැදි හා යතුරු පැදි වැනි යන්ත්‍ර වල ඇති දැති රෝද යා කරන වැල් මඟින්ද, වාහන වල ගියර් පද්ධති මඟින්ද, ඔරලෝසු වල දැතිරෝද මඟින්ශක්ති සම්ප්‍රේෂණය සිදුවේ.

පහත දැක්වෙන්නේ ශක්ති සම්ප්‍රේෂණය සිදු වන උපකරණ කීපයකි.

පහත වගුවේ දැක්වෙන්නේ එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරන උපකරණ වල ශක්තිය සම්ප්‍රේෂණය කිරීම සදහා යොදා ඇති උපක්‍රමයන් කීපයකි.
 
උපකරණය හෝ යන්ත්‍රය  ශක්ති සම්ප්‍රේෂණ උපක්‍රමය
  • වී මෝල
  • පටි
  • ඔරලෝසුව
  • දැති රෝද
  • මහන මැෂිම
  • රෝද සහ පටි
  • බයිසිකලය
  • දැති රෝද හා දම් වැල්
  • යතුරුපැදිය
  • දැති රෝද හා දම් වැල්
  • ට්‍රැක්ටරය
  • රෝද සහ පටි
  • මෝටරය
  • රෝද සහ පටි
  • බස් රථය
  •  දැති රෝද හා දඬු
(c) Shilpa Sayura Foundation 2006-2017