උත්තර භාරතීය රාගධාරී සංගීතය
 

භාරත සංගීතය එහි ප්‍රභවය හා විකාශනය



 



 


ඉන්දූ නිම්න ශිෂ්ටාචාරය


ඉන්දූ නිම්න ශිෂ්ටාචාරය වසර 4500-5000 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියයි.1922 දී කල කැණීම් වලදී  බෙර ගෙලෙහි රඳවාගත්තා හා සමාන මැටියෙන් සෑදූ මිරිනාම් නැමති ප්‍රතිමා හමු වී ඇත.  එමෙන්ම වීනා හා කාර්ටාල් වැනි තාල වාද්‍ය හා තත් භාණ්‌ඬ ද හමු වී එමෙන්ම තත් හතරකින් යුත් වීනා ආදියෙහි රූප ද පන්ජාබ් ප්‍රාන්තයෙන් හමුවී ඇත.


 

කි : පූ 2000 – 1000 අතර රචනා වුනු රිග් වේදය, සාම් වේදය, යජූර් වේදය, අතර්ව වේදය යන වේද වල ඔවුන් සංගීතය කෙරේ දැක්‌වූ භක්‌තිය හා කෑපවීම සඳහන් වේ. ආර්&න් ගේ සාම වේදයෙහිද , ගාන්ධර්ව වේදයෙහිද, රිග් වේදයෙහිද මිරිදන්ගම් බෙර, වීනා, බටනලා සහ දමරු බෙර පිළිබඳ සවිස්‌තරව දැක්‌වේ.

 

ශ්‍රී අයුරෝබින්දූන්ගේ මතයට අනුව වෛදික ආර්&න් සූර්&` ට ඥානයට අධිපති සූර්& දෙවියන් ලෙසද, ගින්නට අග්නි දෙවියන් ලෙසද, චන්ද්‍රයාට සාම දෙවියන් ලෙසද, වැඳූම් පිදුම් කල බව කියවේ. 



වෛදික යුගය


ශීලා ව්‍යසාදේව ලියූ වේද ගැන සෑහීමකට පත් නොවූනු  නාරද මුනි ඔහුට ශී්‍රමත් භගවත රචනා කරන ලෙස උපදෙස්‌ දුනි.  ශී්‍රලා ව්‍යසාදේව  නාරද මුනි කෙරෙහි ඉතා භක්‌තියෙන් එම කාර්ය ඉටු කලේය.එහෙත් ඔහු ලියූ වේදයේ අඩුපාඩු ගැන ඔහු පසුතැවුණි. ඔහුගේ මෙම පසුතැවීමට පිළියම් ලෙස ඔහුගේ ගරු නාරද මුනි සර්වබලධාරී දෙවියන්ගේ කි්‍රයාකාරකම් විස්‌තර කරන ලෙස උපදෙස්‌ දුනි. ශීමත් භගවත රචනා වූයේ මේ අයුරිනි.


වෛදික යුගය ගැන හැදෑරීමේදී පවුල් ඒකකය තුල සංගීතයට මුල් තැනක්‌ ලබා දුන් බව පෙනේ.ඔවුන්ගේ ගායනය, නර්තනය, වාදනය ඉතා උසස්‌ මට්‌ටමක පැවතුනි.විවිධාකාර ලක්‌ෂණ වලින් යුක්‌තව දෙවියන් වර්ණනා කරමින්, වන්දනා කරමින් දවසේ විවිධ වේලාවන්හිදී විවිධ තාල ගායනයේ යෙදී ඇත.



බ්‍රාහ්මණයින් විසින් කලාව ඉගැන්වීම පිලිබඳ වගකීම දැරීය. මෙම කාලය තුලදී සංගීතය තුලින් අභ්‍යාස කරණය, වන්දනාව ආදී දෑ ඇති විය. එමෙන්ම සංගීතය සමග සාගිත්‍යද බද්ධ වූයේ මෙම අවධියෙහිය. ශිල්පියාගේ දක්‌ෂතාවය, කැපවීම, චරිතය යන ඒවා මත සංගීතය ඉගැන්වීම රඳා පවතී. සංගීතය හා ආගම එකක්‌ බවට පත් වුනි.සියලුම ආගමික කටයුතු වලදී සංගීතය ඉතා තදින් බැඳී පැවතුනි. කාන්තාවන්ද කාලාව ඉගෙනීම කෙරෙහි කාලය යෙදවූහ. වීනාව, බටනලාව, මිරිදන්ගම්, දම්රු වැනි සංගීත භාණ්‌ඩ මෙම යුගයේ බහුලව පරිහරණය වුණි.
මේ අයුරින් සංගීතය පිලිබඳව විමසා බැලීමේදී නර්තනය, නාට්‍ය කලාව ආදීයද ඒ හා බැදී තිබුණු බව පෙනේ. ලින්ග පුරාණයට අනුව ශිවගේ ප්‍රධාන ගෝලයා වූ නාදකේෂ්වර නර්තනය පිලිබඳ නරිත දර්පණ්‌ නම් ග්‍රන්ථයක්‌ රචනා කලේය. මූර්ති ශිල්පය, නර්ථනය ආදිය පිලිබඳව පුරාණ විහාර වල සාක්‌ෂි දක්‌නට ලැබේ.



ඉන්දියානු ශාස්‌ත්‍රීය සංගීතය


ඉන්දියානු ශාස්‌ත්‍රීය සංගීතය පුරාණ වෛදික යුගය (කි්‍ර : ව 1500-500) දක්‌වා දිවෙන ඉතා පැරණි කලාවකි. මෙම කාලය තුලදී වේද ගායනය ආදී කලාවන් විශේෂ් උත්සව වලදී ප්‍රධාන අංගයක්‌ බවට පත් වුනි.ඉන්දියානු සංගීතඥයින් හා පණ්‌ඩිතයන් පිලිබඳ බැලි#ම්දී  සංගීතය පිලිබඳ ඔවුන්ගේ වූ ඥානය හා කැපවීම මෙම ඉන්දියානු ශාස්‌ත්‍රීය සංගීත සංස්‌කෘතියේ ප්‍රධාන ලක්‌ෂණයයි.


කර්ණාටක  සංගීතය සාම්ප්‍රධායික දකුණු ඉන්දියානු සංස්‌කෘතියේද හින්දුස්‌ථානි උතුරු ඉන්දියානු සංස්‌කෘතියේද හරයයි.


මෙහි ඉතා වැදගත්ම වෙනස්‌කම් සිදු වූයේ 14 වැනි සහ 18 වැනි සියවස්‌ අතරය. මෙම කාලය තුලදී උත්තර භාරතීය සංගීතය සහ මෝගල් වරුන් සහ පර්සියානුවන් මාර්ගයෙන් පර්සියානු  සංගීතය සමග සම්භන්ධ වුනි. එමගින් උත්තර භාරතීය සහ කර්ණාටක  වශයෙන් කාණ්‌ඩ දෙකකට බෙදුනි.එමෙන්ම මෙම කාලය තුලදී ධැපද්, ධමාර්, ඛ්‍යාල් වැනි විවිධ ශාස්‌ති්‍රය සංගීත ශෛලින්ද භාරතීය සංගීතයට එකතු වුනි.