විශිෂ්ඨ තාප ධාරිතාව
 


වස්තුවකට තාපය ලබාදීමේදී එහි උෂ්ණත්වය වැඩිවීමට බලපාන සාධක,

    1. ද්‍රව්‍ය වර්ගය
    2. ද්‍රව්‍ය ස්කන්ධය
    3. ලබා දෙන තාප ප්‍රමාණය

ද්‍රව්‍ය වර්ගය බලපාන බව දැන ගැනීම

එක සමාන භාජන දෙකක් ගෙන එකකට ජලය ද අනෙකට පොල්තෙල් ද සමාන ප්‍රමාණයන්ගෙන් දමා ගන්න.
ඒවාට උෂ්ණත්ව මානයක් දමා එකවර තාපය ලබා දෙන්න.
එසේ සමාන කාලයක් තාපය ලබා දී උෂ්ණත්වය නිරීක්ෂණය කරන්න.
 

  
නිරීක්ෂණය: උෂ්ණත්වය ඉහල නැගීම අසමාන වබ පැහැඳිලි වේ.

උෂ්ණත්වය ඉහල යෑමට ද්‍රව්‍ය ස්කන්ධය බලපාන බව.



රූපයේ පරිදි එකකට වැඩි ජල පරීමාවක් ද අනෙකට අඩු ජල පරීමාවක් ද දමන්න.
පසුව සමාන තාප ප්‍රමාණයක් ලබා දෙන්න.

නිරීක්ෂණය: ජලය වැඩි බදුනේ උෂ්ණත්වය ඉහල නැගීම අඩු බවත් ජලය අඩු බදුනේ උෂ්ණත්වය ඉහල නැගීම අනෙකට වඩා වැඩි බවත් පෙනේ.

නිගමනය: මේ නිසා උෂ්ණත්වය ඉහල නැගීමට ස්කන්ධය බලපායි.

උෂ්ණත්වය වෙනස්වීම කෙරෙහි තාප ප්‍රමානය බලපාන බව.



රූපයේ පරිදි භාජන දෙකටම සමාන ජල පරිමාන දමන්න.
එකකට අඩු කාලයක් ද අනෙකට වැඩි කාලයක් ද තාපය ලබා දෙන්න.

නිරීක්ෂණය: උෂ්ණත්ව මානවල අගයන් වෙනස්ය වැඩි කාලයක් තාපය ලබාදුන් භාජනයේ උෂ්ණත්ව මානයේ පාඨාංකය වැඩි බවත් අඩු තාපයක් ලබාදුන් භාජනයේ උෂ්නත්ව මානයේ පාඨාංක අගය අඩු බවත් පැහැදිලිය.

නිගනමය: වැඩි කාලයකදී වැඩි තාපයක් ලබාදෙන විට උෂ්ණත්වය ඉහල නැගීම වැඩිවේ.
 
යම් ද්‍රව්‍යක 1kg ක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහල නැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවය ලෙස හඳුන්වයි.
 
     Q  =  තාප ප්‍රමාණය
     m  =  ස්කන්ධය
     C  =  විශිෂ්ඨ තාප ධාරිතාවය
     θ   =  උෂ්නත්ව වෙනස


විශිෂ්ට තාප ධාරිතාවය වැඩි අගයක් ගන්නා ද්‍රව්‍ය වල උෂ්ණත්වය ඉහල යෑම සෙමින් සිදුවේ.
විශිෂ්ට තාප ධාරිතාවය අඩු අගයක් ගන්නා ද්‍රව්‍යවල උෂ්ණත්වය ඉහල යෑම ඉක්මණින් සිදුවේ.

විශිෂ්ට තාප ධාරිතාව ඇසුරින් පැහැඳිලි කළ හැකි සංසිද්ධි.

1). මුහුදු සුළං ඇති වීම



ගොඩබිමේ විශිෂ්ට තාප ධාරිතාව මුහුදු ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට වඩා අඩුය.
මේ නිසා දවල් කාලයේදී මුහුදට වඩා ගොඩබිම ඉක්මණින් රත්වේ.
එවිට ගොඩබිම හා ගැටී ඇති වාත තට්ටු රත්වී ඉහල නගී.
එවිට ගොඩබිමට ඉහලින් ඇතිවන වාත අඩුව පිරවීමට මුහුදේ සිට ගොඩබිම දෙසට සුළං හැමීම සිදුවේ.
මෙය මුහුදු සුළං නම් වේ.

2). ගොඩ සුළං ඇති වීම 



ගොඩබිමේ විශිෂ්ට තාප ධාරිතාව මුහුදු ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට වඩා වැඩිය.
මේ නිසා රාත්‍රි කාලයේදී මුහුදට වඩා ගොඩබිම ඉක්මණින් සිසිල්වේ.
එවිට මුහුද හා ගැටී ඇති වාත තට්ටු රත්වී ඉහල නගී.

3). මෝටර් රථවල එන්ජිම සිසිල් කිරීම සදහා ඒවායේ විකිරක වල (රේඩියේටරවල) ජලය යොදා එන්ජිම සිසිල් කර ගනී.


 


ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය වැඩි නිසා ජලය නටන උෂ්ණත්වය තෙක් (100°c),
ඉහල උෂ්ණත්වයකට විශාල උෂ්ණත්වයක් අවශ්‍යවේ.

එබැවින් එන්ජිමෙන් විභාල තාප ප්‍රමාණයක් ලබාගෙන වාෂ්ප නොවී පැවතීමේ හැකියාව ජලයට ඇත.
මේ නිසා ඒ සඳහා ජලය භාවිතා කරයි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017