පොල්
 










































පොල් : Cocos nusifera
කුලය : Palmae
සිංහල නාමය : පොල් / නෙරලු : Pol / Neralu
සංස්‌කෘත නාමය : නරිකාලා / නාරිකේල : Narikela
දෙමළ නාමය : තේන්කාලා(ර්) : Tenkar
ඉංග්‍රීසි නාමය : කොකනට්‌ෆාම් : CoconutFalm
හින්දි නාමය : නාරියල් : Nariyal
බෙංගාලි නාමය : නාරිකේල් : Narikel
තෙලඟු නාමය : තෙන්කේ වෙට්‌ටු : Tenkeychettu






වැවෙන ස්‌ථාන :-
වෙරළබඩ සහ පහත් බිම්වල වගා කරනු ලබන තාල වරගයට අයත් මෙම ගස කැලෑවල දක්‌නට නොලැබේ. රට මධ්‍යයේ බොහෝ ප්‍රදේශයන්හි වගා කරවනු ලබන්නේ ආර්ථික වාසි සහඑ දිනෙදා පරිභෝජනය පිණිසයි.


ස්‌වාභාවික ලක්‌ෂණ :-


අඩි 40 සිට 80 පමණ උසට වැඩන සෘජු ගසකි. කඳෙහි විෂ්කම්භය අඩියක්‌ හෝ අඩි 1 ½ ක්‌ පමණ වේ. කඳේ පාදය පළල්ය. ඉහළට යන කොටස සාමාන්‍යයෙන් එක සමානව පිහිටයි. විශාල පත්‍ර කැලල් කඳෙහි සෑම ස්‌ථානයකම දක්‌නට හැකිය. ගසේ පාදයෙහි තන්තුමය මුල්වලින් ගැවැසී ඇත. කඳ මුදුනේ ඇති පත්‍ර දසත විහිදී පවතී. විශාලය. පියාපත් වැනිය. සංයුක්‌තය. පළල් නටුව ඉතා ඝනකමින් යුක්‌තය. දෙපස උල්ව කඳ දැඩි සේ බදාගෙන පවතී. දැඩි කුරක්‌ (පොල් කුර) දෙපස ඇලී ඇති පත්‍රිකා රේඛීයව පිහිටයි. එක ස්‌ථානයේ පත්‍ර 2 ක්‌ එකිනෙකට විරුද්ධව පිහිටයි. එක ස්‌ථානයේ පත්‍ර 2 ක්‌ එකිනෙකට විරුද්ධව පිහිටයි. මල් පිහිටන්නේ කිනිති වශයෙනි. එම කිනිති ඈතට දිස්‌වන්නේ ඉතා අලංකාර ලෙසටය. ඪිසිරී පැවතීමට පෙර කිනිත්තේ සියලුම ශුකි කොපුවකින් වැසී පවතී. (මේරීමේදී කෙමෙන් කොපුව දිග හැරේ). ඛිනිත්තක ඇති මල් වර්ග දෙකකට බෙදේ. පහළින්ම ඇත්තේ තරමක්‌ විශාල මල් ය. විද්‍යානුකුලව ඒ හදුන්වනුයේ ජායාංගි නමිනි. ඉහළින් ඇති මල් (පුමාංගි) රැසක්‌ ඇත. ඉතාමත් සුපරික්‌ෂාකාරිව බැලූවිට එක ඉත්තක පහළින්ම ඇති විශාල මලක්‌ දෙපසින් කුඩා මලක්‌ බැගින් ඇත. මෙම මල්වලින් කවර හෝ සුවඳක්‌ නොවිහිදේ. එසේම දියරයක්‌ ද නොමැත. සුළඟ මගින් පරාගනය සිදු වී කෙමෙන් ඵලයක්‌ බවට පත්වන (මලක්‌) ඒවා කෙමෙන් වර්ධනය වේ.


ගෙඩියක්‌ ප්‍රධාන කොටස්‌ තුනකින් යුක්‌ත වෙයි.
1. බාහිරාවර්ණය
2. මධ්‍යාවරණය
3. අභ්‍යන්තරාවරණය   යනුවෙනි.


අභ්‍යන්තරාවරණය සාමාන්‍ය බසින් කටුව නමින් හැදින්වේ. එම කටුව මත (කටුව දෙසට) අක්‌ෂි ගෝලාකාර ලාඡඅන 3 ක්‌ ඇත. මෙම තුනෙන් එකක්‌ පමණක්‌ කෙමෙන් වර්ධනය වන අතර එයට මෘදු ඇසයයි වහරේ. කලලය පිහිටන්නේ එම මෘදු ඇස (කටුව තුළ) අභ්‍යන්තරයෙහිය. කලලය ඇති වීමට පෙර පවතින මදයෙන්ය අප ව්‍යාංජන සකස්‌ කර ගැනීම පිණිස ගන්නා කිරි සාදා ගනුයේ. කොප්පරා ලෙස වියළා ගනු ලබන්නේ ද එම මදය වේ. මදයට මැදිවී ඇත්තේ ජලයයි. නොපැසුණු අවධියේ දී එම ජලය හැදින්වෙනුයේ පොල්වතුර හෙවත් කුරුම්බා වතුර නමිනි.


වෙනත් විස්‌තර :-


ළපටි කල පොල් ගෙඩිය හදුන්වන්නේ තැඹිලි හෝ කුරුම්බා නමිනි. එතුළ ඇති ජලය සිරුර සිසිල් කරන පානයක්‌ වශයෙන් ඈත අතීතයේ සිටම අප රටේ ජනයා අතර ඉතා ප්‍රචලිත පානයකි. පසෙ[ණු හෙවත් ඉතා වියළි බවට පත් වූ පසු ඒ හදුන්වනු ලබන්නේ කොට්‌ට පොල් නමිනි. කොප්පරා වලින් සිඳිනු ලබන තෙල් ව්‍යාංජන රසවත් කරගනු සඳහා මෙන්ම හිසකෙස්‌ සකස්‌ කර ගැනීම පිණිස සුළු වශයෙන් යොදා ගනු ලැබූවත් මහා පරිමාණ වශයෙන් ඒ යොදා ගනු ලබන්නේ සබන් නිෂ්පාදකයන් විසිනි.
සංස්‌කෘත භාෂාවෙන් මෙම ගස හදුන්වනු ලබන 'සදාඵල' නම් පර්යාය ශබ්දය යඑට යොදා ඇත්තේ වර්ෂයේ සෑම කාලයකම ගෙඩි දක්‌නට ලැබෙන බැවිනි. ගසේ අධික උස ගැන සලකා දීර්ඝවෘක්‌ෂ නම් පර්යායයක්‌ දී ඇත. පොල් වර්ග කිහිපයකි.

1. තැඹිලි
2. කුන්දිරා
3. බෝදිලි පොල්
4. දීකිරි පොල්
5. පැණිපොල් 
ආදියයි ඒ.


පැණිපොල්වල මදය වෙනත් පොල්වලින් වෙනස්‌ වන්නේ අන් සියලුම පොල් මදවලට වඩා මිහිරි පැණි රසක්‌ එහි ඇති හෙයිනි. මීරා හෙවත් තෙලිජ්ජ පොල් මල් තලා නිපදවනු ලබන්නකි. තෙලිජ්ජ ඉතා ඝනවට රත් කිරීමෙන් පැණිත් හකුරුත් නිපදවා ගැනීමට ගැමියන් ඉතා දක්‌ෂය. මීරා දින ගණන් පැසවීමෙන් පොල් රාත්, උණුකොට වෑස්‌සෙන්නට සැලැස්‌වීමෙන් පොල් අරක්‌කුත් නිපදවා ගනු ලැබේ.


ඊශ්වර දෙවියන්ගේ පුත් හෙවත් ගණ දෙවිදුන්ට හිමි ඵලයක්‌ වශයෙන් පොල් ගෙඩියට විශේෂ ස්‌ථානයක්‌ හිමිකර දීමට හින්දු භක්‌තිකයන් මෙන්ම පැරණි සිංලයා ද පුරුදුව සිටියහ. ධම නිසාම එදා සිංහලයා පොල් කෙළිය හෙවත් පොර පොල් ගැසීම වැනි ක්‍රීඩාවල යෙදී දේව කෝපයෙන් වැළැදෙන්නේයයි සිතු කොළරා, වසූරිය, පැපොල, සරම්ප වැනි බෝවන රෝගවලින් සුවයක්‌ ලබාගැනීමට මෙන්ම රෝග වලින් බේරීම පිණිස ගණදෙවි පූජාවල යෙදීම ඉහත කී ක්‍රීඩාවල නියැලීමට ඔවුහු අමතක නොකලාහුය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-
මුල්, ළපටි ගෙඩිවල වතුර, මදය, කිරි, මල්, දවාලූ පත්‍ර අළු, මල් ඉස්‌ම.


ක්‍රියාව :-
ළපටි ගෙඩිවල වතුර සිරුර සිසිල් කරවයි. මූත්‍රාකාරකයි. මල් මොට්‌ටු හම හකුලුවන ගුණයෙන් යුක්‌තය. මල් මූත්‍රාකාරකයි. මී රාවලින් මල බද්දය දුරලයි.


සුවකළ හැකි රෝග :-
වමනය, පිත්තප්වරය, වියළි කැස්‌ස, අතීසාරය, වේදනාධික මාස්‌ ශුද්ධිය, පිපාසය.


නිෂ්පාදිත ඔසු :-
1. නාරිකේල ඛණ්‌ඩය
2. නාරිකේලාදි තෛලය
3. නාරික්‌ලාදි යොගය


උෂ්ණාධික ජවරයට සහ උණ සන්නිපාතයට :-
කුරුම්බා අවුන්ස 8 යි
උක්‌ හකුරු ඩ්‍රෑම් 3 යි
බුළු චූර්ණය 1 ½ යි


හොදින් මිශ්‍ර කර දිනට තුන් වරක්‌ ගැනීම.


අතීසාරයට සහ පාණ්‌ඩුවට :-
පොල් කිරි අවුන්ස 8 කට අරළු චූර්ණය ඩ්‍රෑම් 1 ½ ක්‌ මුසුකර හොදින් කලතා දිනකට දෙවරක්‌ ගැනීම යහපත්ය.  

(c) Shilpa Sayura Foundation 2006-2017