ගොටුකොළ : | Hydrocotyle Asitica | |
කුලය : | Umbelliferae | |
සිංහල නාමය : | ගොටුකොළ : | Gotukola |
සංස්‌කෘත නාමය : | බ්‍රාහ්මී / මණුඩුකපර්ණි : | Brahmie / Mandukaparni |
දෙමළ නාමය : | වල්ලාට්‌කේරායි : | Vallartkerai |
ඉංග්‍රීසි නාමය : | ඉන්ඩියන් පෙනි වර්ට් : | Indian Penny Wort |
හින්දි නාමය : | බ්‍රාහ්මී : | Brahmie |
බෙංගාලි නාමය : | තොල්කුරි : | Tolkuri |
තෙලඟු නාමය : | බබාස්‌සා : | Babassa |
වැවෙන ස්‌ථාන :-
තෙත පස ප්‍රිය කරයි. කදු මුදුන්හි මෙන්ම බෑවුම්වල නිසරු පසෙහි ද වැවේ. තණ කොළ හා මිශ්‍රව පැවැතුනත් පහසුවෙන් හදුනාගත හැකි ශාකයකි.
ස්‌වාභාවික ලක්‌ෂණ :-
බිම දිගේ ඇදී යයි. කඳෙහි තැනින් තැන ගැටිති පවතී. එම ස්‌ථාන වලින් ද මුල් විහිදී පොළව බදා ගනී. එසේම එම ගැටිති පවතින සෑම ස්‌ථානයකින්ම දීර්ඝ නටුවක් සහිත පත්‍ර දෙපසට පිහිටයි. ඉතා සිහින් ඵල ද හට ගන්නේ එම ගැටිති මතමය. පත්‍ර වෘත්තාකාරය. ළපටි කොළ යටි පැත්තේ සියුම් කෙඳි පවතී. පත්‍රවල මෙන්ම නටුවේත් පවතින්නේ සිත් ඇදගන්නා සුළු සුවඳකි. ඝල් සුදු පාටය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුළු පැළෑටියම.
සුවකළ හැකි රෝග :-
රුධිරගත රෝග, නාඩිගත රෝග, කුෂ්ඨ, ක්‌ලාන්තය, අමතකවීම, සමාජ රෝග, උණ, අරුචිය, මූත්‍රාබාධ (මූත්‍රාකාරකයක් වශයෙන් ද යෙදී හැකි ඔසුවකි.) බරවා.
ළදරු පණු රෝගයට :- ගොටුකොළ, කුඹුක් දළු සමව ගෙන සිඬිගුරු ස්‌වල්පයක් ද මිශ්‍රකර ශාස්‌ත්‍රානුකුලව තම්බා පානය කරවීමෙන් ළදරුවන්ට ඇතිවන පණු වමනයට පමණක් නොව, උදරය හා සම්බන්ධ බොහෝ රෝගවලට හිතකර ඖෂධයකි.
උගුරේ ආබාධ (බ්රැන්ඩිය) සහිත උණට :-
ගොටුකොළ, වදකහ, තිප්පිලි, මදටිය මුල් සමව ගෙන කසායකර දින 7 ක් පමණ රාත්‍රී නින්දට පෙර මේස හැදි 2 බැගින් පානය කරන්න.
මතකය අවදි කරවීමට :-
ගොටුකොළ යුෂට එළකිරි ඇවැසි පමණ මිශ්‍රකර සති ගණනක් නොකඩවා පාවිච්චි කිරීමෙන් ස්‌මෘතය ස්‌වාභාවිකත්වයට පත්වේ.
ළදරුවන්ගේ වියළි කැස්‌සට :-
(සෙම බුරුල් කරවීමට) ගොටුකොළ හොඳින් අඹරා පපුවේ ගාන්න.
නිෂ්පාදිත ඔසු :- බ්‍රාහ්මී සෘත
රසායනික සංයෝග :- මැලියමක් පවතී. ටැනීන් අම්ලය ද ඇත.