සුදු හදුන් : | Santalum album | |
කුලය : | Satalaceae | |
සිංහල නාමය : | සුදු හදුන් : | Sudu Hadun |
සංස්කෘත නාමය : | චන්දන / මලයජ : | Chandana / Malayaja |
දෙමළ නාමය : | චන්දන කට්ටායි : | ChandanKattai |
ඉංග්‍රීසි නාමය : | වයිට් සැන්ඩල් වූඩ් : | White Sandal Wood |
හින්දි නාමය : | චන්දාල් : | Chandal |
බෙංගාලි නාමය : | ස්වෙට් චන්දන : | Sweet Chandana |
වැවෙන ස්ථාන :-
වියළි කලාපයේ වැවෙන ශාකයක් මුත් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
ස්වාභාවික ලක්ෂණ :-
මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. උස මීටර් 10 පමණ වෙයි. සිව් දිශාවටම අතු බෙදී පවතී. පත්‍ර කුඩාය. දරය නො නැමී කඩතොලු රහිතව පවතී. පිහිටීම එකිනෙකට විරුද්ධවය. සිනිදුය. දිගින් සෙ.මී. 5 පමණ වන අතර පළලින් අගලක් පමණ වෙයි. කුඩා මල් රැසකි. මේරූ පසු ඒවා දම් පාටට හුරු රතු පැහැයක් ගන්නා මුත් ළපටි පොහොට්ටු ලා කොළ පැහැතිය. සිලින්ඩාකාර කෙළවරක් ඇති ගෙඩි කුඩාය. ඉදුණු කල්හි ඒ කළු පැහැයක් ගනී. එතුළ ඇත්තේ බීජ එකකි. ඉන්දියාවේ මලය ජනපදයේ අධිකව වැවෙන හෙයින්ම 'මලයජ' නම් පර්යාය ශබ්දය ද සුදු හදුන් ගසට යොදා ඇත. ඒ ඉතාමත්ම සුවඳවත්ය. තිත්ත මධුර රසැති සුදු හදුන් වීර්&යෙන් ශීතලය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ, මුල්, තෙල් සහ කඳේ අරටුව.
සුවකළ හැකි රෝග :-
වමනය, උණ, පිපාසය, අතීසාරය, උෂ්ණාධික රෝග, හිසරුදාව, කෘමි උණ, ශ්වේතප්‍රදරය හා ගොනෝරියාව.
අතීසාරයට සහ දාහයට :-
සුදු හදුන් කල්කය ඩ්රෑම් 3 ක් සීනි, මීපැණි සමඟ මිශ්‍රකර හාල් පානු දියෙන් රෝගියාට පානය කිරීමට සැලැස්වීමෙන් බලාපොරොත්තු රහිත ගුණයක් ලබාගත හැකිය.
නිෂ්පාදිත ඔසු :-
1. චන්දනාදි චටී
2. චන්දනාදි ක්වාතය
3. චන්දනාදි තෛලය
4. චන්දනාදිසවය