සුදු ලූණු : | Allium sativum | |
කුලය : | Liliaceae | |
සිංහල නාමය : | සුදුලූණු / හෙල ලූණු : | SuduLuunu / Helaluunu |
සංස්කෘත නාමය : | ලසුණ / රසොන : | Lasuna / Rasona |
දෙමළ නාමය : | වෙල්ලවේන්ගම් : | Vellavengam |
හින්දි නාමය : | ලෂන් / ලසුන් : | Lashan / Lassun |
බෙංගාලි නාමය : | රසණ : | Rasuna |
තෙලගු නාමය : | වෙල්ලුලි : | Velluli |
වැවෙන ස්ථාන :- ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ වගා කරවන ශාකයකි.
ස්වාභාවික ලක්ෂණ :-
වෙනත් විස්තර :-
නව සොයාගැනීම් වලට අනුව රුධිර නාල තුළ ලේ කැටිගැසීම් වලක්වන සුළු රසායනික සංයෝගවලින් සුදුලූණු ඉතා පොහොසත් බව හෙළිදරව් වී ඇත. එපමණකුත් නොව, අනවශ්‍ය පරිදි රුධිරය හා මිශ්‍රව පවතින්නට ඉඩ ඇති කොලැස්ට්රෝල්, හෘද කේශනාලිකා සහ කොරනරි ධමනි ආදියේ වූවොත් ඒවා (කොලැස්ට්රෝල්) දියකර ලීමේ පුදුමාකාර බලයක් සුදුලූණුවල පවතින බව ඔප්පු වී ඇත. එපමණකුත් නොව, අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ පිහිටුවා ඇති ෂලඔඅන-ඛඑටටඑරඉනග ඡඅනචඑර ඡඑනටඑර නම් වෛද්‍ය පර්යේෂණායතනයේ ජීව විද්‍යාඥ ජෝන් පින්ටෝ මහතා විසින් ලිඛිතව ප්‍රකාශයට පත්කර ඇත්තේ පයෝදර පිලිකා මෙන්ම පෞරුෂ ග්‍රන්ථියේ බඩැල්වල්හී සහ ගුද මාර්ගයේත් හටගන්නා පිළිකාවල වර්ධනය වැලැක්වීමේ පුදුමාකාර බලයක් ද සුදුලූණු බික් වල පවත්නා බවය. තවද, ආමාශයට සිදුවන විවිධ ආබාධවලට මූලික වන ඉතාමත් හානිකර බැක්ටීරියා වර්ග විනාශ කරලීමටත්, කාසිනොජන් ඝනයට අයත් පිළිකාවන්හි වර්ධනයට එරෙහිව ක්‍රියාකිරීමේ ගුණයෙනුත් සුදුලූණු පොහොසත් බවය. එමෙන්ම ක්‍රියාකිරීමේ ගුණයෙනුත් සුදුලූණු පොහොසත් බවය. එමෙන්ම අක්මාවේ සෛලවලට ආරක්ෂාවක් ලබාදීමට ද සුදුලූණු සමත් බව අමෙරිකාවේම පිහිටි රජයේ ජාතික පිළිකා මධ්‍යස්ථානයෙනුත් නිකුත් කර ඇති නව වාර්තාවකින් කියැවේ. එමතුත් නොව, ඔවුන් විසින් සිදු කැරුණු ලැබූ වෙනත් පර්යේෂණ මගින් ද එළිදරව් වී ඇත්තේ විවිධ වර්ගයන්ට අයත් හානි කර බැක්ටීරියා, වෛරස හා මැලේරියා පරපෝෂිතයන් ද මර්ධනය කිරීමේ හැකියාවකින් සමන්විත රසායනික සංඝටක වලිනුත් සුදුලූණු පොහොසත් බවය. මේ අතර මැතකදී ජපානයේ නවීන විද්‍යාඥයන් පිරිසක් එක් වී සිදුකරන ලද පර්යේෂණයකින් සනාථකර ඇත්තේ ස්නායු වර්ධනය හා විභේදනය කිරීමේ පුදුම හැකියාවක් සුදුලූණු බිකිවල පවතින බවකි.
ප්‍රමාණය ඉක්මවා රුධිරගතව පවත්නා සීනි අඩුකිරීම, අනවශ්‍ය පරිදි සිරුරෙන් බැහැරවන මූත්‍රා ප්‍රමාණය හා වාර ගණන අඩුකිරීම, ප්‍රතිශක්ති පද්ධතියට අයත් සමහර සෛල හෙවත් වසා සෛලයන්හි ක්‍රියා කාරිත්ත්වය වැඩි කිරීම, ආදී අසීමිත ගුණ සමුදායකින් පොහොසත් සුදුලූණු බිකි 1 ක් වත් දිනකට තම ආහාර වේලට එක්කර ගැනීමට හෘද රෝගීන් පුරුද්දක් කරගත හොත් සති කිහිපයක් ඇතුළත, රුධිර නලතුළ රැස්ව පවත්නා කොලැස්ට්රෝල් ප්‍රමාණයෙන් 9% ක ප්‍රමාණයක් අඩුකර ගත හැකි බව බොහෝ නවීන විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
සැ.යු. :-
සුදුලූණු වල නියම ගුණය ලබාගනු කැමැති අය විසින් එය පාවිච්චි කරන කාලය තුළ කිරිපැණි – උක්හකුරු, සීනි වැනි දෑ වලින් වැළැකී සිටිය යුතුය. එමෙන්ම අව්වේ සිටීමත් සිරුර වෙහෙසවන සුළු කවර නම් හෝ ක්‍රියාවක නොයෙදිය යුතුය. ඔසුවක් වශයෙන් සුදුලූණු බිකි පාවිච්චි කරන්නේ නම් එම මොහොතේ සිට අවම වශයෙන් පැයක පමණ කාලයක් වත් ජල පානයෙන් දුරස්ථව සිටීම වඩාත් සුදුසුය.
ඖෂධ පිණිස යෙදිය හැකි අංග :- බිකි සහ තෙල්
සුවකළ හැකි රෝග :-
අංශභාගය, ආමවාතය, උදරශුලය, හිස්ටීරියාව, ඇදුම, සයටිකා, නාඩිගත රෝග, හෘද රෝග, කර්ණ ශුලය, කටිවායු.
අංශභාගයට හා සයටිකාවට
සුදුලූණු බිකි අවුන්ස 04 යි.
පෙරුම්කායම්, සුදුදුරු, සහිඳලුණු, සුවසලුණු, සිඬිගුරු, තිප්පිලි, ගම්මිරිස්.
ග්රේන්ස් 48 බැගින් ගෙන සියලු ඖෂධ හොඳින් අඹරා කුඩුකර ගන්න. එම ඖෂධයෙන් වරකට ග්‍රෙන්ස් 22 බැගින් (දිනකට වරක් පමණයි) මාසයක් පමණ නොකඩවා එඩරු මුල් කසාය සමග…..
හදවත් රෝගීන්ට :-
1. දිනපතා ආහාර සමග සුදුලූණු බික් 5-6 ගැනීම.
2. සුදුලූණු, ගම්මිරිස් සමව ගෙන තම්බා බීම.
3. තලාගත් සුදුලූණු බික් හා ගම්මිරිස් වලට උණු ජලය මිශ්‍රකර මද උණුසුම් සහිතව පානය කිරීමට සැලැස්වීම.
දඳවලට :- සුදුලූණු බිකි කිහිපයක් අබතෙලෙන් බැද හොඳින් අඹරා ආබාධිත ස්ථානයේ තවරන්න.