බක් මී : | Nauclea zeylanica | |
කුලය : | Rubiaceae | |
සිංහල නාමය : | බක් මී : | Bak-mee |
සංස්කෘත නාමය : | බාන් ත්රිය : | Bhantriya |
දෙමළ නාමය : | වම්ම් : | Vammea |
image |
වැවෙන ස්ථාන : -
මුහුදු මට්ටමෙන් මීටර් 300 කට පහල වියළි තෙත් භුමිවල විඡේෂයෙන් ගංගා ඇල - දොල අද්දර යහතින් වැවේ.
ස්වාභාවික ලක්ෂණ :-
කඳ සෘජුය. පත්‍රයක කෙළවර මොටව පිහිටා ඇති මුත් පිහිටීමට අනුව ඒ හෘදයාකාරය. කොළ පැහැතිය. දෙපසට විහිදී පවතින නාරටී අටකි. ්රටි පැත්තේ බූවකි. පත්‍ර ගැට්ටේ හටගන්නා මංජරිය කහ පැහැතිය. මල් හටගන්නේ මැයි මාසයේය. සුවඳවත්ය. කිනිත්තක පුෂ්පයෝ 300ක් පමණ වෙයි. නටු රහිතය. මලක පිහිටන පෙති සංඛ්‍යාව හයකි. ඝල් හැලීගිය පසු ඉතිරිවන ඩිම්බය කෙමෙන් ඵලයක් බවට පත්වේ. දුඹුරු පැහැති පොත්තකින් නිර්මිත කඳෙහි ඇතුල් පැත්ත කහ පැහැතිය.
වෙනත් විස්තර :-
සංසකෘත බසින් කඳම්භ, හලිප්රිය නම් වලින්ද දමිලයෙන් අටුවන් ගී පර්යාය නාමයෙන් ද හදුන්වනු ලබන මෙම බක් මී ගස අපේ පැරැන්නන් සැලැකුවේ පත්තිනි දේවිය ප්‍රිය කරන ගස වශයෙනි. ඇඹුල් බක් මී, ඵල බක් මී සහ කණ බක් මී යනුවෙන් ද වර්ගයෝ ඇත.
ඖෂධ වශයෙන් යෙදිය හැකි අවස්ථා :-
1. තැලීම්වලට : - බක් මී පොතු අඹරා ආබාධිත ස්ථානයේ තැවැරීමෙන් වේදනාවත් පහවී ඉදිමුමත්, තැලීම් ස්වභාවයත් පහව යයි.
2. සෙංගමාල රෝගයේදී යොදනු ලබන කැඳ වර්ග සඳහා බක්මී පොතුවලට ද ඇත්තේ විශේෂ ස්ථානයකි.