කිසියම් අදහසක්, විස්‌තරයක්, විශේෂාංගයක් ලිවීමේදී එය සිත් ඇදගන්නා ලෙස අලංකාර ලෙස ලිවීමට වචන ද උපමා අලංකාර ද ව්‍යාකරණ ද මනා ලෙස හැසිරවීම මගින් පාඨක රුචිය වඩවා ගත හැක.
සාර්ථක රචනයක් ලිවීමට නම් නිතර නිතර ප්‍රයෝගික අභ්‍යාස කිරීම වැදගත් වේ.
විවිධ මාතෘකා යටතේ අමුතු, අළුත් දේ ලිවිය යුතුය.
එසේම ලියූ දෙය නැවත නැවත සකස් කිරීම කළ යුතුවේ.
උසස් ගද්‍ය නිතර කියවීම භාෂා විධි අවබෝධ කරගැණීමට උදව් වන අතර, තමා උගත් භාෂා විධි භාවිතා කළ යුතුය. ඉන් අදහස් ප්‍රකාශ කිරීමේ උපක්‍රම යෙදුම් නිරායාශයෙන්ම රචනයට එක්‌වේ.
මනා සංයමයකින් යුතුව ලිවීම හා ලියූ දේ නැවත නැවත කියවීමෙන් සාර්ථක රචනා නිර්මාණ බිහි කල හැක.