නික
 










































නික  : Vitex negunda
පර්යාය නාමය : Bem – Nosi
කුලය : Verbenanceae
සිංහල නාමය : නික : Nika
සංස්‌කෘත නාමය : නිර්ගුණ්‌ඩි : Nirgundi
දෙමළ නාමය : චින්දුවාරම් : Chinduvarum
ඉංග්‍රීසි නාමය : ෆයූ ලීව්ඩ් / වේස්‌ට්‌ ඨරඑඑ : Five Leaved / Chaste Tree
හින්දි නාමය : සම්භිහාලු : Sambihalu
බෙංගාලි නාමය : නිසින්ඩ : Nisinda






වැවෙන ස්‌ථාන :-


වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ පහතරට වියළි ප්‍රදේශවලට අයත් ජලාශයන් අද්දරය. එසේ වුවත් මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දී මෙන්ම ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේන් මේ සොයාගත හැකිය.

ස්‌වාභාවික ලක්‌ෂණ :-


කුඩා පැළෑටියකි. පත්‍ර පිහිටා ඇත්තේ මිනිස්‌ අත්ලක ස්‌වරූපයෙනි. පත්‍රිකා 3-4 අතර වෙයි. ඒවා නැටි රහිතය. කොළ හටගන්නා නාරටියටම බද්ධව ඉහළට ඇදෙන වෙනත් නාරටියක මල් හටගනී. අවුරුද්දේ සෑම කාලයකදීම කුඩා මල් දක්‌නට හැකිය. දෙපසට විහිදෙන පුෂ්ප කිනිති ජෝඩු 7-8 පමණ ඇත. මල්වල පැහැයට අනුව වර්ග 2 කි. ලා නිලට හුරු මල් වර්ගය සහිත පැළෑටිය සංස්‌කෘත නාමයෙන් හැඳින්වෙනුයේ 'නිර්ගුණ්‌ඩි' නමිනි. ඖෂධීමය ගුණයෙන් දෙවර්ගයම එක සමානය. තිත්ත කටු කසාය රසයෙන් යුක්‌ත වන නික වීර්&යෙන් උෂ්ණාධිකය.

ඖෂධ සඳහා යෙදිය හැකි අංඟ :- මුල්, ඇට, පත්‍ර, මල්.


සුවකළ හැකි රෝග :-
ආමවාත, චර්ම රෝග, ප්ලිභෝදර, අර්ශස්‌, අතීසාරය, කොළරාව, වාතරෝග, මැලේරියාව, කර්ණශුල, ඇදුම, කැස්‌ස, ක්‍රිමි.


ඇදුම හා කැස්‌සට :-
නිකමුල්, රසකිඳ, අරළු, ගම්මිරිස්‌ සියල්ලෙන් අවුන්ස 2 බැගින් ගෙන හොඳින් අඹරා ජලය අවුන්ස 32 කට මුසුකර මඳගින්නේ ¼ ට සිඳවා ගන්න. වරකට අවුන්ස 4 බැගින් දිනකට දෙවරක්‌ සහිඳලුණු සමඟ පානය කිරීම.


කළුජවරයට :-
නිකකොළ අවුන්ස 2 ක්‌ හොදින් අඹරා ජලය අවුන්ස 32 කට මුසුකර මඳ ගින්නේ ¼ ට සිදුවා දිනකට දෙවරක්‌ අවුන්ස 4 බැගින් බීමට දීම යහපත්ය.


නිෂ්පාදිත ඔසු :-
1. නිර්ගුණ්‌ඩි තෛලය.
2. නිර්ගුණ්‌ඩි කල්කය.

(c) Shilpa Sayura Foundation 2006-2017