තල්
 










































තල්  : Borassus flabellifera
කුලය  : Palmae
සිංහල නාමය  : තල්  : Tal
සංස්‌කෘත නාමය  : තාල  : Tala
දෙමළ නාමය  : පනායිමාරම්  : Panaimaram
ඉංග්‍රීසි නාමය  : පල්මිරාපාම්  : PalmyraPalm
හින්දි නාමය  : ටාඩ්  : Tad
බෙංගාලි නාමය  : ටල්  : Tal
තෙලඟු නාමය  : ටට්‌ : Tat






වැවෙන ස්‌ථාන :-


වැලි සහිත තැනිතලා භුමිය ප්‍රිය කරන තල් ගස උතුරු-නැගෙනහිර පළාත්වල වගා කරවනු ලබන්නේ ආර්ථික බෝගයක්‌ වශයෙනි. යාපනය දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ අක්‌කර 40,000 පමණ වගා කරනු ලබන මෙම වෘක්‌ෂය මන්නාරම සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ක වල ද දක්‌නට ලැබේ.

ස්‌වාභාවික ලක්‌ෂණ :-


හොඳින් වැඩුණු තල් ගසක්‌ මීටර් 20-30 පමණ වෙයි. පොල් ගස්‌ මෙන්ම දුරස්‌ථව හෝ සමීපව වැවිය හැක. වැඩෙන ඵලයක්‌ බවට පත්වීමට තල් ගෙඩියකට ගතවන්නේ මාස 2 ½ හෝ තුනකි. විශාල පිත්තකින් සමන්විත තල් අත්තේ පීල්ල මීටරයක්‌ පමණ දිගය. පත්‍ර පාර්ණවත්ය, හෙවත් පත්‍ර තලය අතක ඇඟිලි මෙන් පිහිටා ඇත. තීරු දෙක බැගින් පිහිටයි. එවැනි තීරු 75 පමණ දක්‌නට හැකිය. ළා කහ පැහැති (තල්) පිත්ත කළු වෘන්ත වලින් ගහණ වී පවතී. මල් හටගන්නේ වසර 12කට වරකි. ඒ දක්‌නට ලැබෙන්නේ මැයි මාසයේය. දරණ පුෂ්ප සංඛ්‍යාව 8 කි. පුමාංශි පුෂ්ප 6කි. ජායාංගි පුෂ්ප ගෝලාකාරය. විශාලය. ඒ මාංශ වලින් පිරි පරිපුෂ්පයක්‌ම වන්නේය. ඵලය අෂ්ඨලයකි.

වෙනත් විස්‌තර :-


පණ්‌ඩුකාභය රජු විසින් තල්ගස පූජනීය වෘක්‌ෂයක්‌ සේ සලකා ගෞරවාදරයට බදුන් කර ඇත. ඉපැරණි ඉන්දියානුවන් මෙම වෘක්‌ෂය දේවත්වයෙන් සලකා වැදුම්-පිදුම් පවා කර ඇති බවට සාක්‌ෂි පවතී. ආර්ථික භෝගයක්‌ වශයෙන් තල් ගසට ඇත්තේ ප්‍රමුඛ ස්‌ථානයකි. ඟ^හස්‌ථ භාණ්‌ඩයක්‌ වන මලු - වට්‌ටි - පෙට්‌ටි පමණක්‌ නොව, පැරණි ලාංකිකයාගේ ගෘහයන්හි වහලයද බොහෝ දුරට සෙවිලි කර ඇත්තේ තල් කොළ වලිනි. විවිධ හැඩ අනුව නිර්මාණ කරවනු ලැබූ නා නා මාදිලියේ පෙට්‌ටිවල ගැටි පැරැන්නන් විසින් සකසා ඇත්තේ තල් පිත්තෙනි. ථවද පිත්තෙන් ලබා ගත් කෙඳි වලින් අත්‍යාලන්කාර පා පිසි – බුරුසු ආදිය වත්මන් නිෂ්පාදක වරුන් විසින් වුවද නිර්මාණ කර වෙළඳ පළට යොදා ඇති බව එදිනෙදා අපට දැකගත හැකිය. වත්මන් ලාංකිකයා ජල පීලි වෙනුවට ජලනළ යොදා ගන්නාක්‌ මෙන් එදා ගැමියා ඒ වෙනුවට සකසා ගත්තේ තල් ලී යෙන් නිපැයූ ජල පීලිය. තල් ගෙඩිවල ලෙල්ල (බාහිරාවරණය) හා මදය (මධ්‍යවරණය) මිරිකා ලබාගන්නා යුෂෙන් ප්‍රණීත ජෑම් වර්ග නිෂ්පාදනය කර වෙළඳ පළට යැවීමට යාපනයේ වැසියා අදත් දක්‌ෂයෙකි. තල් ගසේ ළපටි පැළ හොඳින් වියළා ජනප්‍රිය කෑමක්‌ වශයෙන් (යාපනයේ වැසියා) වෙළඳ පළට එවනු ලබන්නේ කොට්‌ට තෙළගු වශයෙනි. තවද එකී පැළ හෙවත් අල අවුවෙන් වියළා වංගෙඩියක හෝ මාර්ගයෙන් පිටිකර ගත් පසු එම පිටි පිට්‌ටු හෝ වෙනත් කෑම වර්ග සෑදීමට කදිම ද්‍රව්‍යයක්‌ වන්නේය.

වසර 12 ක්‌ ඉකුත් වූ තල් ගසක පීදෙන මල කපා (මැද) තෙලිජ්ජ ලබා ගැනීමට තල් ගස්‌ හිමියන් දක්‌වන්නේ පුදුම ආශාවකි. නිසි අයුරු මල් මැදීම සිදු කරගෙන ගියොත් වසර 100ක පමණ එක දිගටම එයින් තෙලිජ්ජ ලබාගත හැකිය. මදිනු ලැබූ පුෂ්පයකින් (දින 7 කට පසු) කාන්දු වන (මලෙහි පවත්නා) ජීව බිංදු මීරා නමින් හැඳින් වූවත් එක්‌තරා කාල සීමාවක්‌ ගතවී ගිය පසු ඒ 'රා' බවට පත්වේ. මෙසේ කාන්දු වෙමින් ගලා හැලෙන යුෂ ක්‍රමාණුකුලව වෙනස්‌ කර පැණි, සූකිරි, සක්‌කරා, සීනි පමණක්‌ නොව, විනාකිරි හා අරක්‌කු ද නිෂ්පාදනය කර වෙළඳ පළට යැවීමට ව්‍යාපාරිකයන් සමත්ව ඇත. තල් ගසෙන් ලැබෙන එම ආර්ථික ලාභවලට අමතරව, කඩදාසි ප්‍රචලිත වීමට ප්‍රථම පැරණි ලාංකික මෙන්ම ඉන්දීය ගත්කරුවන් ද පොත් සහ වෙනත් ලිපි ලේඛන එදා ග්‍රන්ථාරූඩකර ඇත්තේ වියලා ගත් තල් පත්‍රවල බව අප විසින් කවර හේතුවක්‌ මත හෝ අමතක නොකල යුතුව ඇත. එහි නිර්මාතෘවරයා (තල් පත් වල අකුරු ලිවීම ඉගැන් වූ) උත්තර භාරතයේ ජීවත්ව සිටි 'පානි' නමැති සෘෂිවරයා බද ද මේ අවස්‌ථාවේ ගෞරව පූර්වකව මතක්‌ කළ යුතුය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-  මුල්, මල්, පොතු.


සුවකළ හැකි රෝග :- පිත්තාශ ගත රෝග, නහර දුර්වලත්වය, අතීසාරය, සීරීම් සහ සුළු තුවාල.


රසායනික සංයෝග  :-


තල් ක්‍ෂාරයේ 'පැබ්ලිෆෙරීන් බී' සංයෝගය බහුලව පවතී. එය ප්‍රතිජීවයකි. 'ඕරියස්‌ ස්‌ට්‍රෙප්ටොකොකස්‌' නමැති විෂ බීජයෙන් හටගන්නා රෝගවලට ඒ ඉතාමත් හිතකර ප්‍රතිජීවකයක්‌ බැව් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනෙකු විසින් පිළිගෙන ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017