ගම්මිරිස් : | Piper Nigrum | |
පර්යාය නාමය : | Piper Trioicum | |
කුලය : | Piperaceae | |
සිංහල නාමය : | ගම්මිරිස් : | Gammiris |
සංස්කෘත නාමය : | මරීච : | Maricha |
දෙමළ නාමය : | මිලගු : | Milagu |
ඉංග්‍රීසි නාමය : | බ්ලැක් පෙපර් : | Black Peper |
හින්දි නාමය : | කලිමිරීච් : | Kalimirich |
බෙංගාලි නාමය : | කලමොරිච් : | Kalamorich |
වැවෙන ස්ථාන :-
පහත් තෙත් බිම්වල වවනු ලබන වැල් විශේෂයකි. මධ්‍යම පළාතේ ආර්ථික බෝගයක් වශයෙන් ද වවනු ලැබේ. එම ප්‍රදේශයේ ගෙවතු අද්දර (වැටවල්) වගා කිරීමට බොහෝ ගැමියන් ප්‍රිය කරත්.
ස්වාභාවික ලක්ෂණ :-
වෙනත් ගසක හෝ යමක එතී ඉහළට ඇදෙන වැලකි. වසර ගණනාවක් පවතී. විශිෂ්ටත්වය රඳා පවතින්නේ ඵලයන්හි පවතින ප්‍රමාණය රසය හා පැහැය අනුවය. කඳෙහි තැනින් තැන ගැට පවතී. එම ගැට හෙවත් පුරුක් ඝනය. පත්‍ර දිගින් සෙ.මී. 12 12 ½ - 17 ½ අතර වනාතර පළලින් ඒ සෙ.මී. 4-8 පමණ වේ. ඕවලාකාරය. සාමාන්‍යයෙන් පත්‍රයක නාරටි 6 හෝ 7 ඇත. එක කිනිත්තක (බීජ) ඵල කිහිපයක් පවතී. ඒ ඒ වර්ගයන්ට අනුව බීජවල හටගැන්ම සිදුවන බැවින් තිර වශයෙන්ම ඒ මෙතෙකැයි කීම අපහසුය. කුඩා වර්ගයේ (ගම්මිරිස් වර්ග කිහිපයක්ම පවතී) බීජ හෙවත් ඵල කළු පැහැයට හුරු කොළ පාටය. ඉදුණු පසු ඒ ලෝහිත වර්ණය ගනී.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- ගෙඩි හෙවත් ඇට.
සුව කළ හැකි රෝග :- කැස්ස, ගොනෝරියාව, උදරාබාධ, අරුචිය, උණ, අර්ශස්.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශේෂ ස්ථානයක් හිමිකර ගන්නා 'ත්‍රිකටු' වලින් එක් වර්ගයකි ගම්මිරිස්. කොළරා රෝගය මර්දනය සඳහා ගම්මිරිස් වලින් කෙරෙනුයේ මහඟු සේවාවකි.
කොළරාවට :-
ගම්මිරිස් පෙරුම්කායම්, අබිං ග්රෙනස් 20 බැගින් ගෙන සියල්ල හොඳින් අඹරා සාදා ගනු ලබන ගුලි 20, පැයෙන් පැයට ගුලිය බැගින් රෝගියාට පාවිච්චි කිරීමට දීමෙන් මරණාසන්න අවස්ථාවට පත්ව සිටින කොළරා රෝගියකුට වුවත් ජීවිතාලාභය ලබාදීමට හැකිය.