කප්පරවල්ලිය
 






















කප්පරවල්ලිය : Coleus Aromaticus
කුලය : Labiatae
සිංහල නාමය : කන්සා / ගංජා : Kansa / Ganja
දෙමළ නාමය : කන්ජා : Kanja






වැවෙන ස්‌ථාන :-  මුහුදු මට්‌ටමේ සිට අඩි 4500-5000 අතර උස්‌ භුමිවල වැවේ.


ස්‌වභාවික ලක්‌ෂණ :-


උපරිම උස අඩි 3කි. පත්‍ර හැඩයෙන් කෝණාකාර ස්‌වරූපයක්‌ ගනී. දාර නොනැමී පවතී. කඩතොලු නොමැත. එහෙත් ඉතා පරික්‌ෂාවෙන් නිරීක්‌ෂණය කිරීමේදී ඩේල්ටාකාර වැනි පිහිටීමක්‌ පෙන්නුම් කරයි. ශාකයෙන් විහිදෙන කවර හෝ රසායනිකයක්‌ නිසා ඒ ඉතා සුගන්ධවත්ය. මල් පිහිටන්නේ කිනිති වශයෙනි. පෙති හා මල්වලට හිමි නටු ළා දම් පැහැතිය.


පැරණි සංස්‌කෘත වෛද්‍ය ග්‍රන්ථයන්හි මෙම ශාකය පිළිබඳ විස්‌තරයක්‌ සොයා ගැනීම අපහසුය. එහෙත් සමහර කතුවරුන් විසින් 'කර්පූරවාලක' නමින් සඳහන් කර ඇත්තේ මේ පැළෑටිය පිළිබඳව විය හැකිය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංඟ :- පංචාංගයම.


ගුණ :- ආක්‌ෂෙපහර, පාචන, දිපන


සුව කළ හැකි රෝග :- අජීර්ණය, යකෘත් රෝග, මූත්‍ර රෝග, ස්‌වාසනාලය හා සම්බන්ධ රෝග.


කක්‌කල් කැස්‌සට :-
කප්පරවල්ලිය කොළ, කළුදුරු, හීරැස්‌ස පොතු, රතුළු$ණු සමව ගෙන හොඳහැටි කොටා ප්‍රමාණවත් පරිදි ජලය හා සූකිරි මිශ්‍රකර මඳගින්නේ උණු කිරීමෙන් සෑදෙන පැණිය තේ හැඳි 2 බැගින් දවසට දෙවරක්‌ ගැනීම.


නිෂ්පාදිත ඔසු :-
1. කප්පරවල්ලිය පැණිය.
2. කප්පරවල්ලිය ක්‌වාතය


 

(c) Shilpa Sayura Foundation 2006-2017