ඔලිඳ : | Abrus Precatorius | |
පර්යාය නාමය : | Phaseolus | |
කුලය : | Leguminosae | |
සිංහල නාමය : | ඔලිඳ-හුනිඳ : | Olinda-Huninda |
සංස්‌කෘත නාමය : | ගුංජා : | Gunja |
දෙමළ නාමය : | ගුණ්‌ඩුමණී : | Gundumani |
ඉංග්‍රීසි නාමය : | ඉන්ඩියන් ලිකොරිස් ජෙක්‌විරීට් : | Indian Liquorice jequirity |
හින්දි නාමය : | ගුම්චි : | Gumchi |
බෙංගාලි නාමය : | කුංචි : | Kun(g)chi |
තෙලඟු නාමය : | ගුරිගින්ජා : | Guruginja |
වැවෙන ස්‌ථාන :-
ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයකම වැවෙන (එතී වැඩෙන) පැළෑටියකි. වියළි කලාපයේ සුලබව වැවේ.
ස්‌වභාවික ලක්‌ෂණ :-
ආයුර්වේද ග්‍රන්ථවල සඳන්ව ඇත්තේ ඔලිඳ වර්ග දෙකක් පිළිබඳවය. ඟුංජා හෙවත් උච්චවට්‌ටා නමින් වූ වර්ගයේ බීජ රතුය. ඒ රතු ඔලිඳ නමින් සිංහලයෙන් ව්‍යවහාර වේ. ශ්වේත ගුංජා හෙවත් ශ්වේතතොච්චට්‌ටා සුදු පැහැති නිසා එම වර්ගය "එල ඔලිඳ" නමින් සිංහ ලබසින් ව්‍යවහාර කෙරේ. දෙවර්ගයේම ඖෂධිමය ගුණයඑ ක හා සමානය. කළු පැහැති ඔලිඳ වර්ගයක්‌ද ලංකාවේ නොයෙකුත් පළාත්වල දක්‌නට ලැබෙන බවක් සමහර කෘතින්හි සඳන්ව ඇත.
මෑත කාලයක් වන තෙක් අප රටේ නා නා විධ ඖෂධ හා රත්තරන්වල බර මැන ගැනීම (කිරා ගැනීම) සඳහා ඔලිඳ බීජ යොදාගෙන ඇත. එම බරට 'රක්‌තිකා' යනුවෙන් නමක්‌ද යොදා තිබිණි. රක්‌තිකා එකක් නවීන ග්‍රෙන්ස් එකකට සමානවේ.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- බීජ, මුල්, කොළ.
ගුණ :- කාමෝද්දීපක හෝ වාජීකරණ ගුණයෙන් බහුලය. අනු බීජ විෂ සහිතය. විරේචනීය හා වමන කාරකය. කොළ උත්තේජක ගුණයෙන් අනූනය.
සුව කළ හැකි රෝග :-
නාඩිගත රෝග, කටහඩේ රළු ගතිය දුරු කරවයි. හමේ රෝග, ආමවාත, උණ, කෙස් සහ ඇස්‌වලට ද හිතකරය.
සුදුකබර රෝගයට :-
මාසයක් පමණ දිනපතා ඔලිඳ කොළ ඉස්‌ම ආබාධිත ස්‌ථානයන්හි තවරා හොදින් ඇතිල්ලීමෙන් ගුණයක් ලබා ගත හැකිය.