අබ (එල අබ)
 






































අබ (එල අබ) : Brassica Alba
පර්යාය නාමය : Brassica Campestris
කුලය  : Cruciferae
සිංහල නාමය  : එල අබ  :  Ela-aba
සංස්‌කෘත නාමය  : සිද්ධාර්ත  : Sidddartha
දෙමළ නාමය  : කඩුග  : Kaduga
ඉංග්‍රීසි නාමය  : වෛයිට්‌ මස්‌ටාඩ් : White Mustard
හින්දි නාමය  : සුෆෙයිඩ්-රායි  : Sufed rai






වැවෙන ස්‌ථාන :-


කදුකරයේ ය. විරලව වැවෙන්නකි. බීජවලින් තෙල් ලබාගනු පිණිස ගෘහස්‌ථව ද වගා කරවනු ලබන ශාකයකි.


ස්‌වභාවික ලක්‌ෂණ :-


ජීව කාලය වසරක්‌ පමණ වේ. කඳ සෘජුය. ඒ වටා සිනිදු ශාඛා රැසකි. හොඳින් වැඩුණු ශාකයක උස අඩි 3-4 පමණ වේ. පත්‍ර විශාලය. එකෙකට එකක්‌ බදාගත්තාක්‌ වැනිව පිහිටයි. වීණාවක හැඩය ගත් මේවා මඳක්‌ සුදු පැහැතිය. කෙලවර දැති සහිතය. දෙපසම සිනිදුය. දිගැති මල් අලංකාරය. මද රතු මිශ්‍ර බොර පැහැතිය. දීප්තිමත්ය. පිරිසිදු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017