කළු අබ : | Brassica | |
කුලය : | Curciferea | |
සිංහල නාමය : | කළු අබ : | Kalu aba |
සංස්කෘත නාමය : | සර්සපා : | Sarsapa |
දෙමළ නාමය : | කදුරු : | Kaduru |
ඉංග්රීසි නාමය : | බ්ලැක් මස්ටාඩ් : | Black Mustard |
හින්දි නාමය : | මක්රා රායි : | Makra rai |
බෙංගාලි නාමය : | රායි-සරිස්ඩා : | Rai-Sarisda |
තෙලඟු’ නාමය : | අවාලූ : | Avalu |
වැවෙන ස්ථාන :-
ශ්රී ලංකාවේ කදුකරයේ ය. ඉතා මද වශයෙන් වගා කරනු ලබන්නකි. බීජ සහ තෙල් අධිකව ආනයනය කරනුයේ ඉන්දියාවෙනි.
ස්වාභාවික ලක්ෂණ :-
ජීව කාලය වසරක් පමණ වන මෙම ශාකයද අඩි 3-4 පමණ උසට වැඩෙන්නකි. කඳ වටකුරුය. නටුවක් සහිත පත්රයක දෙකෙළවරම දැති සහිතය, හෙවත් දන්තාකාරය. කඳ මැදින් බෙදී පවතින කෙටි කලකින්ම මල් හැලී යන අතර එම ස්ථානවල කරල් හටගනී. එම කරල් වැඩෙත්ම එතුළ පවතින බීජ ඉදිමුණු ස්වභාවයට පත්වේ. රතු මිශ්ර දුඹුරු පැහැයක් ගන්නා බීජයන්හි පිට පොත්ත දීප්තිමත්ය. බීජයක විෂ්කම්භය අඟලකින් 1/25 ක් පමණ වේ.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- බීජ සහ තෙල්.
සුව කළ හැකි රෝග :- කම්මුල්ගාය, අග්නිමාන්දය, පහළ ගාත්රා අප්රාණිකත්වය, සයටිකාව.
ඖෂධය යෙදිය හැකි වෙනත් අවස්ථා :-
1. ස්ථානික ඉදිමුම : කළු අබස හ එල අබ ඇල්දියෙන් අඹරා ගෑම.
2. සිරුරේ උණුසුමට : ස්නානයට පෙර මුළු සිරුරේම අබ තෙල් ගා මද වේලාවක් අව්වේ සිටීම. හමේ ගොරෝසුකමට ද සහනයක් ලැබෙනාතර කෙස් වැඩීමට ද හිතකරය.
3. අබ තෙල් හිසේ ගෑමෙන් උකුණන් හා ලේඩීන් වඳ කරවාලිය හැකිය.
කුරුලෑවලට :-
කළු අබ – වදකහ - ලොත් සුඹුලු - සහිඳ ලුණු සමව ගෙන සියල්ල වෙන වෙනම ඉතා සියුම්ව අඹරා හෝ කුඩුකර ඇල්මැරුණු දියෙන් නැවත අඹරා ගෑම. (කුරුලෑ ඇති තැන්වල)
රසායනික සංයෝග :- බීජවල තෙලක් ඇත.