කටරොලු : | Clitoria Ternatea | |
පර්යාය නාමය : | Flos caeruleus | |
කුලය : | Leguminosae | |
සිංහල නාමය : | එල කටරොලු / නිල් කටරොලු | Ela Katarolu / Nil Katarolu |
සංස්‌කෘත නාමය : | අපරාජිත (එල) : | Aparajitha |
දෙමළ නාමය : | කරවිලායි : | Karavilai |
හින්දි නාමය : | අපරාජිත් : | Aparajith |
බෙංගාලි නාමය : | අපරාජිත් : | Aparajith |
තෙලඟු නාමය : | අපරාජිත් : | Aparajith |
වැවෙන ස්‌ථාන :-
කැලෑබඳව වැඩෙන්නක් වුවත් අලංකාරය පිණිස ගෙවතු වල ද වගා කරනු ලබන පැළෑටියකි.
ස්‌වාභාවික ලක්‌ෂණ :-
වර්ෂාධික ආයු කාලයක් පවත්නා යමක එතී වැඩෙන ශාකයකි. කඳ සිලින්ඩාකාරය. දීර්ඝය. ඒ වටා කෙඳි පවතී. ඉත්තක ඇත්තේ පෙති 5 කි. දිගින් 1 ½ ක් පමණ වේ. ඕවලාකාරය. කෙටි නටුවකි. සුදු හා නිල් පැහැති මල්වලින් යුත් දෙවර්ගයක පැළෑටි ඇත. මල් පොත්තක උපරිම දිග අඟලක් පමණ වේ. කරල් හටගනී. ඒවායේ තුඩ තියුණුය. එතුළ ඇථි බීජ ගණන 8-10 අතරය. බොර පැහැතිය. ශාක වර්ග දෙකෙහිම ඇත්තේ එක සමාන ඖෂධීමය ගුණයෝය.
සාමාන්‍ය ප්‍රතිකාර සඳහා විධි :-
1. නාසයෙන් ලේ ගැලීම නැවැත්වීම පිණිස එල කටරොලු මුල් යුෂ බිංදු කිහිපයක් නාසයට දැමීම ප්‍රමාණවත්ය.
2. ජලෝධරයට : කටරොලු ඇට චූර්ණය අවුන්ස ½ ක් පමණ උදේ/සවස.
3. පෙනුමේ දුර්වලත්වයට / උගුරේ ආබාධවලට / අර්බුදවලට /
උදරය ඉදිමුමට : කටරොලු මුලේ පොතු චූර්ණය ඩ්‍රෑම් 2 බැගින් දවසට දෙවරක්.