බොලේ අපට දැන් ජූජක බමුණගේ අරුම පුදුම බාරිය හින්දා
වැලේ වැලුත් නැත අපේ රාලවරු ගහති බනිති කෙස් ටික හින්දා
මොලේ නොමැති ඈ හම්බවෙලාවත් ලජ්ජාවෙන ලෙස කර නින්දා
කලේ අරන් බිඳ පවුල අවුල්කර දමමුයි කතිකාකර මින්ඳාවතුර ගෙනෙන්නට ගියාම දවසක් ලිඳ ලඟ උන් අඟනෝ යාලු
වතුර කලේ ගන්නටත් නොදී ඉඩ බොහොම කවටකම් කෙරුවාලු
කබරගොයා වැනි ජූජක බමුණා උඹේ රාල නොවෙදැයි ඇසිලු
නිතර දෙවේලේ දැක දැක ඉන්නට හිමියා නම් කදිමයි කීලු
පොහොසත් කම සහ හැඩ ඇති පිරිමින් දුටුවිට ලොව සමහර ගෑණු
වැදගත් කම සහ ජාතිය නොතකා හැංගීයනු බැරුවම වාණු
එහෙමත් නොව මේ ජූජකයා වැනි හිමින්ට ආලේ වෙන ගෑණු
ගමටත් නින්දයි අපටත් ලජ්ජයි බලන්න පිරිමින්නේ මූණු
හිඟා කකා අඟු අඟුගානේ සිටි පුරුද්ද තවමත් නැත ඇරියේ
වගාව ඉන්නට කොහොමටවත් බැරි නිකන්ම ගතවිය හොඳ හරියේ
ලඟා ඉන්ට බැරි කටේ ගදේ උගෙ කණ් කුණු වලතඩි ඉස්‌සොරියේ
නිගා දෙන්ට තරුණියන්ට කරගත් මගුල යසයි හැතිරිය පිරියේ
ඔපා වඩන නුඹේ මූණ හරියටම පිරී දිලෙන හඳහාමි වගේ
දෙපා බකල නුඹේ රාල දකින කොට බය වෙනවා මළ යකා වගේ
සැපා විදින්නට දීගෙක ආවද නෙත් දෙක කණවී ගියෙද තිගේ
එපා යෝදි දර දියැද නහින්නට මිලේට අරගත් වාලි වගේ
මෙබසට ඒ ලඳ ඉතාම විලිවැද අඬමින් ගෙට ගොස් එමැසිල්ලා
සට සට ගා වෙව්ලමින් නාකි බමුණුගේ රැවුල අල්ලා සොල්ලා
අද සිට වැඩකට ගෙදරින් පිටතට මම නම් නොම යමි නුඹ පල්ලා
හනිකට වහළෙක් සොයා එක්‌ක එනු කී කල ඔහු කී මෙතෙපුල්ලා
අපදෙන්නාගෙත් කෑම බීම ටික සපයා ගන්නට බැරුව මෙම ම්
වහලුන් ගෙන මක්‌කරම්ද කවරෙක් එයිද කතා කළමුත් මේ මම්
ගෙදරින් පිටතට යන්න එපා නුඹ අහන්න ගෑණුන්ගේ සරදම්
කරදෙන්නෙමි මම වැඩපල ඔක්‌කම දරත් දියත් අරගන එමි මම්
දෙවියන් තරමට හිතේ තබාගෙන පවතින්නට නිසි හැම කාලේ
හිමියන්ගෙන් වැඩගන්නා කුලයක නූපන්නෙමි ඔය කිව් තාලේ
විගසින් ගොස් ජයතුරා නගරයට වෙසතුරු හිමිගෙන් නොව කෝලේ
දරුවන් දෙන්නා ඉල්ලාගණ එනු කීවේ බැමිණි රකුසිය ලීලේ
තරුණ කතුන් අඹු කරගත් සමහර නාකි පිරිමි කරදර විඳිති
කරුණ කුමක්‌දැයි වැඩිපුර නොකීවත් කදිමට තේරුම් යනව ඇතී
කෙරුණ හරිය මේ දවසේ බමුණට මහල්ලන්ට ගුරුකමට ඇතී
තරුණ ලඳගේ හිත සතුටු කරන්නට හොඳටම බමුණා සිතට ගතී
දර දිය ගෙනවුත් පුරවා ගේතුල කෑමට දේ රැස්‌කරමින් දා
හොර හිමියන් එනවා නවතන්නට ගේ වටකර කටු වැට බැන් දා
අර ගෙණ වහලෙක් විගසට එන්නෙමි ගොසින් කොතන හරි සොයමින් දා
ගරවෙකු විලසින් යන්ට පිටත්වී අඹුවට තුන් සැරයක් වැන්දා
මලක් පිපුන ලෙස මූන දිලෙන මගෙ සෙනේ වඩන රන්කඳ සවු මී
පැයක් පමණවත් මෙනුණ නොදැක මට ඉන්ට බැරිව දුකනම් බොහොමි
පයක් තබන්නේ කොහොමද යන්නට තනියම නුඹ දමලා සවු මී
හිතක් මෙමට ඇත්නම් මා නැති විට නොදොඩන් ආවත් වෙන පිරි මී
