කුරුදු
 


































කුරුදු  : Cinnamomum Zeylanicus
පර්යාය නාමය  :  Cinnamomum Cassia
කුලය  :  Lauraceac
සිංහල නාමය  :  කුරුදු  :  Kurudu
සංස්‌කෘත නාමය  : ගුඩාට්‌වක්‌  : Gudatvak
දෙමළ නාමය  :  ලවංගපට්‌ටි  :  LavangaPatti
ඉංග්‍රීසි නාමය  :  සිනමම්  :  Cinnamam






වැවෙන ස්‌ථාන :-


ගාල්ල, මාතර, කළුතර, රත්නපුරය, හම්බන්තොට, මහනුවර, මාතලේ, හපුතලේ, සිංහරාජ වනය, කුරුණෑගල සහ බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක වලත් ජා-ඇල, මීගමුව වැනි සිලීකා ඛනිජය බහුලව පවත්නා සුදු පැහැති පස්‌ ඇති ප්‍රදේශවලත් හොඳින් වැවේ.

ස්‌වාභාවික ලක්‌ෂණ :-


ශ්‍රී ලංකාවටම ආවේණික වූ සිනමෝමම් සිලනිකස්‌ නම් ශාකයෙන් පරිබාහිර වූ සිනමෝමම් කැසියා නම් වු ඉන්දුනීසියාව – මැඩගස්‌කරය ආදී රටවල වැවෙන කුරුදු වර්ගයක්‌ ද ඇති බව මෙහිදී මතක්‌ කළ යුතුව ඇත. එහෙත් ස්‌වභාවික ලක්‌ෂණ යටතේ මෙම ලිපියෙන් කරුණු දැක්‌වීමට යොමුවන්නේ ලංකාවට ආවේණික වූ ඡඉනනඅමඔමඋම ඤඑයලඅනඉචඋස නම් ශාකය පිළිබඳවය. මෙම ශාකයේ උස දළ වශයෙන් අඩි 31-37 වන අතර අඟල් 12-20 දක්‌වා වට ප්‍රමාණයකින් නිර්මිත කඳකින් සමන්විත වෙයි. දසත විසිරුණ ශාඛා රැසකි. පත්‍ර මතුපිට කොළ පැහැයෙන් වර්ණවත් වී ඇති අතරය යටි පැත්ත ළා කොළ පැහැතිය. කහ පැහැති මල් කුඩාය. දම් පාට කුඩා ඵල පැණි රසයෙන් බරිත අභ්‍යන්තරාවරණයකින් සමන්විත වෙයි. ඒ නිසාම ඒ පක්‌ෂීන්ගේ ප්‍රියමනාප ආහාරයක්‌ බවට පත්ව ඇත.

වෙනත් විස්‌තර :-


අනාදිමත් කාලය සිට ශ්‍රී ලාංකික ගෘහණියන් ව්‍යංජන රසවත්කර ගැනීම පිණිස කුරුදු පොතු කුළුබඩුවක්‌ ලෙස භාවිතයට ගෙන ඇත. විවිධ වර්ගයේ රස කැවිලි වඩාත් රස කර ගැනීම උදෙසා රසකැවිලි නිෂ්පාදකවරුන් විසින් සුවිශේෂ ස්‌ථානයක්‌ කුරුදුපොත්තට ලබා දී ඇත. මෙහි ඇති එම රසකාරකය වනුයේ 'ඔලියොරෙසින' නම් රසායනික සංයෝගයයි. ඒ බහුලව ඇත්තේ පොත්තෙන් වෙන්කර ගනු ලබන තෙලෙහිය. කුරුදු කොළවලින් සාදාගනු ලබන තෙලෙහි අඩංගු වන්නේ ඉයුෆිනෝල් නම් රසායනිකයයි. ධය බහුලව යොදාගනු ලබන්නේ දන්තාලේප නිෂ්පාදනය උදෙසාය.

ශ්‍රී ලංකාවටම ආවේණික වූ සිනමෝමම් සිලනිකම් නම් කුරුදු දර්ශ කිහිපයක්‌ පහත සඳහන් පරිදි නම් කිරීමට හැකිය.
1. පැණිරස කුරුදු            2. පට්‌ට කුරුදු
3. නාග කුරුදු                4. පැණි මිරිස්‌ කුරුදු
5. දිවුල් කුරුදු                6. වැලි කුරුදු
7. සෙවෙල් කුරුදු            8. කහට කුරුදු  ආදි වශයෙනි.


මේවායින් බහුලම ප්‍රභේදය වන්නේ වැලි කුරුදුය. ලෝක වෙළඳ පොළේ ශ්‍රී ලංකා කුරුදුවලට ඇති ඉල්ලුම ලොව අන් (කුරුදු ඇති) සියලුම රටවල් පරයා යන හෙයින්ම ඒ වැඩි වැඩියෙන් වගාකර අස්‌වනු නෙලා පර්යේෂණ පවත්වනු පිණිස කුරුදු පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ ද අප රටේ පිහිටුවා ඇත. යඑට අමතරව ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයෙන් ද ඒ සඳහා ඉටුවනුයේ උදාරතර මෙහෙවරකි.
ආර්ථික බෝගයක්‌ වශයෙන් අපට මේ හදුන්වා දෙනු ලැබුවේ ලන්දේසි පාලකයන් විසිනි. ඒ 18 වන ශත වර්ෂයේ 70 වන දශකයේදී ය. මෙම අනගි ශාකය ආරක්‌ෂාකර ගනු වස්‌ ඔවුන් විසින් රටවැසියාට දැඩි නීති-රීති පනවා තිබිණි. එදා කුරුදු තැලීම හෝ විකිණීම හෝ කිසිම රට වැසියෙකුට කළ නොහැකි බවට පනවා තිබුණ නීතියට අමතරව යම්කිසි භුමියක ඉබේ වැඩුණු කුරුදු පාලයක්‌ වුවද කපා දැමීම බරපතල වරදක්‌ ලෙස ඔවුන් විසින් සලකනු ලැබුවේය. කුරුදු අපනයනයේත් අභ්‍යන්තර (රටතුළ) වෙළදාමේත් පූර්ණ බලය පැවැතියේ ආණ්‌ඩුවට පමණක්‌ම වූ බැවින් ලන්දේසීන් මෙම ශාකයට කෙතරම් ඇල්මක්‌ දක්‌වා ඇති ද යනු කාහටත් වටහා ගත හැකිය.


ඖෂධ සඳහා යොදා ගත හැකි අංග :-  කොළ, පොතු, තෙල්.


සුව කළ හැකි රෝග :-  අතීසාරය, සෙම්ප්‍රතිශ්‍යාව, උදරාබාධ, දන්ත ශුල, සමේ රෝග, හිසරදය, පීනස.

(c) Shilpa Sayura Foundation 2006-2017