කන්සා : | Cannabis sativa | |
පර්යාය නාමය : | Cannabis Indica | |
කුලය : | Canabidaceae | |
සිංහල නාමය : | කන්සා / ගංජා : | Kansa / Ganja |
සංස්‌කෘත නාමය : | විජයා : | Vijaya |
දෙමළ නාමය : | කන්ජා : | Kanja |
ඉංග්‍රීසි නාමය : | ඉන්ඩියන්හෙම්ප් : | Indianhemp |
හින්දි නාමය : | කයින්ජා : | Cainja |
බෙංගාලි නාමය : | බෙන්ග් : | Beng |
තෙලඟු නාමය : | ගන්ජායි : | Ganjayi |
වැවෙන ස්‌ථාන :-
ස්‌වාභාවික ලක්‌ෂණ :- කුඩා ශාකයකි. පත්‍ර උල් සහිතය. නටු දිගැටිය. අංගුලාකාරය. මල්වලට අයත් නටුව ද දිගින් අධිකය.
සංස්‌කෘත භාෂාවෙන් කන්සාවලට නොයෙකුත් පර්යාය ශබ්දයන් යොදා ඇත. විජය උර්ජය, ජය, මොහිනී, ආනන්ද, හර්ෂනී, සිද්ධිපත්‍රි ආදිය යි.
සංස්‌කෘත පුරාවෘත්තයන්හි සඳහන් වන පරිදි කන්සා ශාකයේ උපත සිදුවී ඇත්තේ මෙසේය. දෙවිවරුන්ගේ නායක ශ්‍රී දේව හෙවත් ඉන්ද්‍ර තමන්ගේ ඉතාමත් ප්‍රියජනක පානයක් වූ අමෘතය, මහා සමුද්‍රය මධ්‍යයේ හෙලා මන්දාර හෙවත් මදනගිර නැමැති කදුවැටියෙන් සමුද්‍රය කලඹද්දී පොළොව මතට වැටුණු (විසිරුණු) අමෘත බිංදුවලින් කන්සා පැළෑටිය පෘතුවි තලයේ බිහි වූ බවයි ඒ.
ඉන්දීය සම්භවයක් ඇති දමිළ හා මුස්‌ලිම් ජාතිකයන් විසින් මෑත අතීතයේ දී නිෂ්පාදනය කර ලක්‌වැසියන් අතර ජනප්‍රියත්වයකට පත් කරවන ලද 'සබිජී' නමැති මත් ද්‍රව්‍ය වලට අධිකව උපයෝගි කරගනු ලැබ ඇත්තේ කන්සා කොළය. ලේහියම් නිෂ්පාදනයේදී ද ඔවුන් විසින් මෙම පත්‍රයන් උපයෝගි කර ගනී.
ක්‍රියාව :-
නිද්‍රා ජනකයි. උෂ්ණාධිකයි. දිරවීමේ ශක්‌තිය ඇති කරවයි. හම හකුළුවාලයි. සිතෙහි ඉක්‌මන් කළබල ගතියක් ඇති කරවයි.
සුව කළ හැකි රෝග :-
නිෂ්පාදිත ඔසු :-
1. ජාතිඵලාදි චූර්ණය
2. ජවනාලෝ රසය
3. ශ්‍රීමත් මදන මෝදකය