කහ : | Curcuma Longa | |
පර්යාය නාමය : | Curcuma domestica | |
කුලය : | Zingiberaceae | |
සිංහල නාමය : | කහ-අත්කහ : | Kaha / Atkaha |
සංස්කෘත නාමය : | හරීද්රා/නිසා : | Haridra / Nisa |
දෙමළ නාමය : | මන්ජාල් : | Manjal |
ඉංග්රීසි නාමය : | ට(ර්) මෙරීක් : | Turmeric |
හින්දි නාමය : | හල්ඩි : | Haldi |
බෙංගාලි නාමය : | හලඩ් : | Halad |
තෙලඟු නාමය : | හරිද්රා : | Haridra |
වැවෙන ස්ථාන :-
අනාදිමත් කාලයක සිට ලංකාවේ ඉතා සුළු වශයෙන් හෝ වගා කරවන්නකි. අධික ප්රමාණයක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. ප්රධාන පරමාර්ථය ව්යංජනවල වර්ණය සකස් කර ගැනීම පිණිස ඒ යොදා ගැනීමයි.
ස්වාභාවික ලක්ෂණ :-
කුඩා පැළෑටියකි. මුල්වල කෙළවර වැදුලි බුබුලක සිරි ගනී. ගැටිති ඇත. ඒවා අධික කොළ පැහැතිය. කඳක් නොමැති තරම්ය. ප්රධාන මුලත් සමඟම පත්ර දෙපසට විහිදී පවතී. කඳටම ඇලී පවතී. ශාක රැසක් ඒකාබද්ධව පදුරු වැනිව වැඩේ. එකකට එකක් බද්ධව අල පිහිටයි. ඒවා ඉඟුරු අල වැනිය. පැහැයෙන් තද කහපාටය.
වෙනත් විස්තර :-
හින්දු භක්තිකයන් තම වාසස්ථානයට හෝ ව්යාපාරික ස්ථානයට දේව අනුසස් ලබා ගනු පිණිස දිනපතා අලුයම් කාලයේ අතු ගා පිරිසිදු කළ ගෙබිම මතට දියකර ගනු ලැබූ කහ කුඩු (කහ දියරය) ඉසිනු ලැබීම ප්රචලිත කරුණකි. එම කහ දියරය හොඳ විෂබීජ නාශකයක් වශයෙන් පිළිගැනීමට බොහෝ ලාංකික ජනතාව පුරුදුව සිටිත්. එපමණක්ම නොව සුවිශේෂ උත්සව අවස්ථාවන්හි දී අමුත්තනට සංග්රහ කිරීම පිණිස කහ බත් (පිසීගෙන එමින් පවතින සුදු හාලේ බතට කහ දියරය මුසුකර සාදාගන්නා) පිසීම සිංහල ජනයා අතර ද ජනප්රිය සිදුවන්නකි.
ගුණය :- සිරුර ප්රාණවත් කරවයි. ඟින්න වැඩි කරවයි.
සුව කළ හැකි රෝග :- හමේ රෝග, කහ උණ, උදරයේ ඉදිමුම, පීනස, අක්ෂි රෝග.
නිෂ්පාදිත ඔසු :-
1. හරිද්රා ඛණ්ඩය (අම්ල පිත්ත (ළුරටඉචඅරඉඅ) සහ විසෙථාව (ඹඔඉලස) වලට විශේෂයි.