එරඬු
 










































එරඬු : Ricinus Communis
කුලය : Euphorbiaceae
සිංහල නාමය  : එරඬු  : Erandu
සංස්‌කෘත නාමය  : ඒරණ්‌ඩ  :  Eranda
දෙමළ නාමය  :  චිත්තාමනී  : Chittamani
ඉංග්‍රීසි නාමය  :  කැස්‌ටර් ඔයිල් ප්ලාන්ට්‌  :  Castor Oil Plant
හින්දි නාමය  : (අ) එරන්ඩ්  : Erand
බෙංගාලි නාමය  :  බෙරන්ඩ  : Beranda
තෙලඟු නාමය  :  අමූඩා  : Amudaa






වැවෙන ස්‌ථාන :-
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවේ. විශේෂයෙන්ම වියළි කලාපයේ ගෙවතු අද්දර සරුවට වැවෙන පැළෑටියකි.


ස්‌වාභාවික ලක්‌ෂණ :-


කුඩා ගසකි. පදුරු සහිතව ද දක්‌නට හැකිය. වර්ෂාධික කාලයක්‌ පවතී. කඳෙහි සිදුරු දක්‌නට ලැබේ. පත්‍ර දාරය. කඩතොලු රහිතය. තරමක්‌ විශාලය. පත්‍රයක්‌ කොටස්‌ 8කට හෝ ඊට ආසන්නව (පක්‌ෂියෙකුගේ පා ඇඟිලිමෙන්) බෙදී පවතී. කෙලවරවල් දන්තාකාරය. නටුව දිගැතිය. කිනිති සහිත මල් පවතී. කිහිපයක්‌ එකට බද්ධව පවතී. පිරිමි මල් හා ගැහැණු මල් වෙන්ව පවතී. ඵලයෝ කොටස්‌ තුනකින් නිර්මිතය. කටු සහිතයි. අදුරු පැහැය ගනී. කොළ පැහැතිය. බීජ අභ්‍යන්තරයේ පිහිටි මදය සුදු පැහැතිය.


ගුණ :- ආමවාතය දුරු කරවයි. ඪිරේවන ගුණයෙන් අනූනයි.


නිෂ්පාදිත ඔසු :- එරණ්‌ඩ සප්තකය.


සුව කළ හැකි රෝග :- ආමවාතය, මලබද්ධය, කණ ශුලය, උණ, ප්‍රදාහය, කටි ශුලය, සයටිකාව.


1. මාස්‌ ශුද්ධියේ දුර්වලතාවයන්ගෙන් පෙළෙන ස්‌ත්‍රීන්ගේ යටිබඩ ප්‍රදේශයේ එරඬු තෙල් ගෑ එරඬු කොළ තැන්පත් කිරීමෙන් (ඇලවීමෙන්) අපහසුතා මඟ හරවා ගත හැකිය.


2. මවුකිරිවල ඌනතාවයන්ගෙන් පෙළෙන මවුවරුනට එරඬු කොළ ඉස්‌ම බීමට දීමෙන් බලාපොරොත්තු සඵල කර ගත හැකිය.


3. කටිවායුව හා සයටිකාව
   එරඬු ඇට මද ඩ්‍රෑම් 3 යි
   එළකිරි අවුන්ස 1 යි
   ජලය අවුන්ස 1 යි
   මද ගින්නේ තම්බා ¼ ට සිඳ දවසට දෙවරක්‌ පානය කිරීම   

(c) Shilpa Sayura Foundation 2006-2017