අඹ
 










































අඹ  :  Mangifera Indica
කුලය  : Anacardiaceae
සිංහල නාමය  :  අඹ  : Amba
සංස්‌කෘත නාමය  :  අම්බ්‍රා  : Ambra
දෙමළ නාමය  : මන්ගාමාරන්  : Mangamaran
ඉංග්‍රීසි නාමය  :  මැන්ගෝ  : Mango
හින්දි නාමය  :  අම්  : Am
බෙංගාලි නාමය  :  අම්  : Am
තෙලඟු නාමය  :  මාවි  : Mavi






වැවෙන ස්‌ථාන  :- 
ලංකාවේ සෑම ප්‍රදේශයකම කැලෑවල වැවෙන වෘක්‌ෂයකි. ආර්ථික වාසි මුල් කරගෙන ගෙවතුවල ද වවනු ලැබේ. කදුකරයේ සුලභව දක්‌නට ලැබිය හැකිය. යාපනය දිස්‌ත්‍රික්‌කයේ වගාවක්‌ ලෙස ව්‍යාප්තව පවතී.


ස්‌වාභාවික ලක්‌ෂණ  :-
විශාල ගසකි. වර්ග කිහිපයක්‌ ඇත. ඒ ඒ වර්ගවලට අනුව ගස්‌වල උස හා පත්‍ර, ඵල ආදියේ වෙනස්‌කම් දක්‌නට හැකිය. ලංකාවටම ආවේණික වූ ඇටඹ, කොහු අඹ හා මල් අඹවල පොදු ලක්‌ෂණ පහත සඳහන් පරිදි වේ.
කඳ ගොරෝසුය. බොර අළු මිශ්‍ර පැහැයකි. පත්‍ර අඟල් 2 සිට 6 දක්‌වා දිගැතිය. මල් රැසකි. විශාල අතු මැදින් කුඩා ශාඛා ද පැන නඟී. පොදුවේ බිත්තරයක හැඩය ගන්නා අඹ ඵල ඒ ඒ වර්ගයන්ට අනුව මඳ වෙනස්‌කම් තුඩයන්හි දක්‌නට පුළුවන. ගිරා අඹ, පැපොල් අඹ, ආදී වශයෙන් ද අඹ වර්ග විවිධ වේ.


වෙනත් විස්‌තර :-
අඹ ගසේ නිජභුමිය කවර රටක්‌ද යන්න විශ්චිත වශයෙන්ම කිව නොහැකි වුවත්, ඒ වසර 6000 ටත් පෙර සිටම ඉන්දියානු ඓතිහාසික තොරතුරු ලියැවුණු කෘතීන්හි එම ශාකය පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. පොදුවේ අඹ ගස හැඳින්වීමට යොදන ඝඅනගඉෆඑරඅ ඊනඩඉචඅ නම් උද්භිද විද්‍යා නාමයෙන්ම මෙහි මාතෘ භුමිය ඉන්දියාව වශයෙන් ගත හැකි වුවත් ඝඅනගඉෆඑරඅ ඥඑයලඅනඉචඅ නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන්නේ ලංකාවට ආවේණික ඇති ඇටඹ ගසය. ඛල්ප වෘක්‌ෂය නමින් ඉන්දියානුවන් හදුන්වනු ලබන මෙම ගස පිළිබඳව රාමායණයේද සඳහන්ව ඇත. හින්දු බැතිමතුන් 'අමර' පර්යාය ශබ්දයක්‌ ද අඹ හැඳින්වීම පිණිස යොදා ගැනීම අනාදිමත් කාලයක සිට කරගෙන ගොස්‌ ඇති බවක්‌ සිතිය හැක්‌කේ මහාකවි කාලිදාසයන් විසින් මේඝ දූතය රචනා කිරීමේ දී මහා කන්දක්‌ නම් කර ඇත්තේ අමරකුට නමින් වන බැවිනි.


ඉන්දියානු ඉතිහාසයට අනුව මෝගල් අධිරාජ්‍යයේ කීර්තිමත් නාමයක්‌ සනිටු කරගත් මහා අක්‌බාර් රජතුමා බිහාරයේ හෙවත් ලව්බර්ග් පළාතේ අඹගස්‌ දස දහස්‌ ගණනක්‌ වෑවූ බව ඉතිහාසයෙන් කියැවේ. 16 වන ශත වර්ෂයේ අග භාගය වන විට පර්සියාව තෙක්‌ සහ එංගලන්තය දක්‌වාත් ව්‍යාප්ත වූ මෙම ගස 18 වන සියවසේ දී පෘතුගීසීන් විසින් බ්‍රසීලයට ද, 19 වන සියවස වන විට හවායි දූපත් හරහා ඕස්‌ට්‍රේලියාවට ද (අඹ ගස්‌) පැතිර ගොස්‌ ඇති බව රන්ජිත් සිං නම් පඬිවරයා තම ‘Fරඋඉටස’ නම් කෘතියෙන් ගෙනහැර පා ඇත.


මිහිදු මා හිමියන් හා දෙවන පෑතිස්‌ රජු අතර ක්‍රි.පූ. 307 වැන්නෙහි අඹ ගස්‌ ප්‍රශ්නයක්‌ ඇතිවූයේ ලංකාවේ බුද්ධාගම ස්‌ථාපිත කරවීමෙහි ලා වූ ඓතිහාසික මොහොතේදී බව නොදන්නා සිංහලයෙක්‌ නැත. එපමණකුත් නොවැ 1 වන කාශ්‍යප රජතුමා දිවයින පුරා අඹ උයන් වැවීමට මිනිසුන් දිරි ගැන්වූ බව හා වංශයෙන් එළිදරව් වේ.


ඉදුණු අඹ රසවත් මෙන්ම ජනප්‍රිය පලතුරකි. පැසුණු හා නොපැසුණු ඵල ව්‍යාංජනයක්‌ සේ පිළියෙළ කර පාවිච්චියට ගැනීමට අප රටේ බොහෝ අය පුරුදුව ඇත. ආර්ථික වාසි මුල් කරගෙන ඉදුණු අඹවලින් ජෑම්, කෝඩියල්, චට්‌නි ආදිය නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇත.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ, පොතු, මුල්, ගෙඩි, හා බීජ මද.


විශේෂ ගුණය :-
ඉදුණු අඹගෙඩි මූත්‍රාකාරකය. විරේවන ගුණයෙන් අනූනයි. පැසුණු අඹ සම හා අභ්‍යන්තරික ඉන්ද්‍රියන් හකුලුවන ගුණයෙන් යුක්‌තය.


සුව කළ හැකි රෝග :- අතීසාරය, රුධිර වහනය, අජීර්ණය, ස්‌වේත ප්‍රදරය, ඇදුම, වේදනා සහිත මාස්‌ ශුද්ධිය, ලේ අතීසාරය.


අඹ යෙදිය හැකි වෙනත් අවස්‌ථා :-


1. අභ්‍යන්තරික රුධිර වහනයට :-
   අඹ පොතු, මාදම් පොතු, කුඹුක්‌ පොතු අවුන්ස 2 බැගින් ගෙන හොඳින් අඹරා හෝ කුඩුකර ජලය   
   අවුන්ස 8 කට දමා එක්‌ රැයක්‌ තබා මී පැණියෙන් පානය කිරීම යහපත්ය.

2. වේදනාධික මාස්‌ ශුද්ධිය, සෙව්ත ප්‍රදරය, රක්‌තාසීස්‌ ආදී රෝගි අවස්‌ථා වලට :-
    අඹ පොතු යුෂ බීමට දීමෙන් යහපත් ප්‍රථිඵල ලබා ගත හැකිය.


3. අජීර්ණය හා අතීසාරයට :- අඹ පොතු යුෂ බීමට දීම.
4. නාසයෙන් රුධිරය වහනය වන අවස්‌ථාවට :-
    අඹ ඇට යුෂ ස්‌වල්පය බැගින් නාසයට ඉරීම යහපත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017