පන්සිය පනස් ජාතක පොත ලියන ලද්දේ කුරුණෑගල යුගයේ බව විශ්වාස කරනු ලබයි. කරුණෑගල යුගය ලෙස සැලකෙනුයේ
ක්‍රි. ව. 1293 සිට 1347 දක්වා වු කාලයයි.
ක්‍රි: ව. 1293 දී දෙවන බුවනෙකබාහු රජු විසින් කුරුණෑගල රාජධානිය පිහිටුවා ගන්නා ලදී. ඔහු ගේ පුත් 4 වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු සමය කුරුණෑගල යුගයේ සාහිත්‍ය උන්නතිය ඇති වු වකවානුවයි. ජාතක පොත ලියැවුණේ මේ රජු ගේ සාහිත්‍ය උන්නතියේ ප්‍රතිථිලයක් ලෙස බව සිතිය හැක.
සිංහල ජාතක පොත ආරම්භයේ දැක්වෙන තොරතුරක් අනුව ජාතක පොත ලියු මේ කාල වකවානුව පිළිබද සැකයක් ඇති වේ. ජාතක පොත ආරම්භයේ පරාක්‍රම නම් ඇමතියෙකු ගේ ආරාධනාවෙන් හා වීරසිංහ පතිරාජ නම් ඇමතිවරයා ගේ උත්සාහයෙන් අටුවා ස්වාමියා විසින් ලියන ලද පන්සිය පනසක් වු ජාතක කතා සත්පුරුෂයන් විසින් කන් යොමා ඇසිය යුතු බව දක්වයි.
කි. ව. 1360 දී ගම්පොළ වික්‍රමබාහු රජු ගේ විගුළවත්තේ පිහිටුවා ඇති සෙල්ලිපියක පරාක්‍රම අධිකාරී “වීරසිංහ ප්‍රතිරාජ”
යනුවෙන් සදහන්ව ඇති නම් දෙක ජාතක පොත කිරීමට අරාධාන කළ හා උපකාර කළ ඇමැතිවරුන් ලෙස සලකනු ලබයි. එසේ නම් ජාතක පොත ලියන ලද්දේ කුරුණෑගල යුගයේ දැයි සැකයක් ඇති වේ. කෙසේ වෙතත් ජාතක පොත ලියු වකවානුව ලෙස කුරුණෑගල යුගයේ සතර වන පණ්ඩිත පරික්‍රමබාහු යුගයෙන් ආරම්භ වී. ගම්පොළ යුගයෙන් අවසන් වු බව නිගමනය කළ හැක.
ජාතක පොත හැරුණු විට කුරුණෑගල යුගයේ දී වෙනත් පොත් පත් ගණනාවක් ලියැවී ඇත. වීරසිංහ පතිරාජයන් ගේ උම්මග්ග ජාතකය ද පරාකම පණ්ඩිත විසින් ලියන ලද ථුපවංශය ද කර්තෘ අවිනිශ්චිත දළද පුඡාවලිය ද දඹදෙණිය අස්න ද ඉන් කීපයකි. මේ හැරුණු විට පාලියෙන් රචිත වංශ කතා සිංහලයට පෙරළිමද මෙකල සිදු විය. පාලි බෝධිවංශය සිංහලයට නැගීමෙන් ලියන ලද දළදා සිරිත ද මේ කාලයට අයත් ග්‍රන්තයකි.
මේ සියලු ම පොත්පත් අතරින් කුරුණෑගල යුගය අමරණීයත්වයට පත් කළ කෘතිය වුයේ. පන්සිය පනස් ජාතක පොතයි. කුරුණෑගල යුගයට පෙර ද ජාතක කතා පදනම් කරගෙන පොත් පත් ලියා ඇතත් ජාතක කතා එකතුවක් ලෙස පන්සිය පනස් ජාතක පොත සකස් වුයේ කුරුණෑගල යුගයේ දී ය.