ජාතක කතාවල කතෘ පිළිබද එක එල්ලේ පැහැදිලි අදහස් ප්‍රකාශ කළ නොහැකි වෙනත් ඡාතක පොත හා මහාවංශය වැනි පොත් පත් පරීක්ෂා කිරීමෙන්. කිසි යම් නිවැරදි නිගමනයකට බැසිය හැකි ය.
මිහිදු හිමියන් ගෙන ආ පාලි භාෂාවෙන් රචිත ඡාතකට්ඨ කතා මෙරට වාසීන්ට අවබෝධයට පහසු කරවීම සදහා සිංහලයෙන් ලියාපදිංචි තබන ලදී. ඒවා හෙළටුවා යනුනේ හදුන්වනු ලැබි ය. ඡාතකට්ඨ කතා යනු බුදුන් වහන්සේ ගේ පුර්වාත්ම භාවයන් පිළිබද හරය හකුළුවා දැක් වු ගාථාවලට විස්තර විවරනණ. පුද්ගල ප්‍රවෘත්තී ආදීය ඇතුළත් වුවකී. බුද්ධ භාෂිතය පාලි භාෂාවෙන් ම තිබිය යුතු යැයි සලකමින් සිංහල භාෂාවෙන් පැවැති හෙලටුවා බුද්ධඝෝෂ හිමියන් විසින් පසු කලෙක පාලියෙන් ලියා තබන ලදී.
පාලි භාෂාවෙන් තිබු ඒ ඡාතකට්ඨකතා ඒක්තැන් කරමින් වර්තමානයේ ලැබෙන සිංහල ඡාතක පොත සකස්විය.
මෙය සිදු වුයේ කුරුණැගල යුගයේ දී ය. සිංහල ඡාතක පෙතේ කර්තෘ බහු කර්තෘක බව මහා වංශයේ 90 වැනි පරිච්ඡේදයේ සදහන් වෙයි. එහි සදහන් තොරතුරුවලට අනුව සොළි රටෙන් පැමිණි නා නා භාෂාවන් පිළිබද විශාරද දැනුමක් ඇතී මහාස්ථවිර නමක ගේ මුලිකත්වයෙන් මෙරට සිටි ත්‍රිපිටකධාරී මහතෙරුන් ගේ සහභාගීත්වයෙන් පාලි භාෂාවෙන් ලියා තැබු බවයි සදහන් වන්නේ.
මෙය තව දුරටත් තහවුරු වන්නේ ඡාතක පොතේ කතාවල ඇති විවිධ ශෛලීන් ය. ඒ අනුව පන්සිය පනස් ඡාතක පොත සොළී රටෙන් පැමිණි මහතෙරනමක ගේ මුලිකත්වයෙන්. මෙරට සිටි වියත් කර්තෘ මණ්ඩලයක් මගින් කරන ලද බවයි සැලකිය හැක්කේ.