සිදුහත් බෝසතාණෝ බුදුබව ලැබීමෙන් පසු යමි යමි හේතු සාදක මත නිදර්ශණ වශයේන් ඉදිදිපත් කල කථා වස්තු ජතක කාතාලෙස සැලකේ .
මේ කතා බුදුන් දවස ඉදිරිපත් කරන ලද නමුත් ඊට පෙර බෝධ්සත්ව ආත්ම වලදී කල කි වු දෑ විස්තර කරමින් වර්ථමාණ සිදු වීමක් තහවුරු කරමින් ඉදිරිපත් කරන ලද ඒවාය. ඒ නිසා ජාතක කතා වර්ථමාණ කතාව , අතිත කතාව යනුවෙන් කොටස් දෙකකින් සමන් විත වී ඇත.
සිංහල ගද්‍ය සාහිත්‍ය ප්‍රමාණයෙන් ඉතා විශාලම පොත ජතක පොතයි. එය පාලි ජාතකට්ඨ කතාව සිංහලයට නැගිමෙන් සකසන ලද්දකි. බුද්ධක නිකායේ පොත් (15) අතරින් ජාතක පොත 04 වැන්නට අයත් වේයි. නවාංග ශාස්ත්‍ර ශාසනයේ 07 වැනි අංකය වශයෙන් ජතක කතා ගණන් ගැනේ .මේ නිසා ජාතක කතා බුදුදහම සමඟ සමිප සම්බන්ධතාවයක් පවති. විශ්ව සාහිත්‍යයට අයත් ඊසොප් ගේ උපමා කතා , දේව කතා පංචතන්ත්‍රය , හිතෝදේශකය වැනි ග්‍රන්ත සමඟ සසදන විට ජාතක කතා ද උපදේශ සාහිත්‍යයට අයත්වේ .
ත්‍රිපිටකය පවත්වගෙන ආ ආකාරයට ම ඡාතක කතාද මුලදී මුඛපරම්පරවෙන් පවත්වගෙන ආ බවට සාධක ඇත. ප්‍රපංච සුදනි අටුවාවට අනුව බුදුන් දවස ඡාතක කතා වණපොත් කළ භික්ෂුන් සිටි බව පෙනේ. සම්මෝහ විනෝදනී නම් වු විභංගථිඨ කතාවේ ඡාතක භාණක භික්ෂුන් ගැන සදහන් වේ. ලංකාවේ රුහුණු ඡනපදයේ තුලාබර විහාරයේ සිටි ඡතක භාණක භික්ෂුවක ගෙන් ඉලනාග රඡු කපි ඡාතකය ශ්‍රවණය කර ඇත.මේ සාධක මත ඡාතක කතා මුලදී කට පාඩමින් පවත්වා ගෙන ආ බව සිතිය හැක. ඡාතක කතා එකතුව පන්සිය පනස් ඡාතක පොත යනුවෙන් හදුන්වනු ලබයි. ඒ අනුව කතා550 තිබිය යුතු වුවත් දැනට දක්නට ලැබෙන්නේ කතා 447ක් පමණී. එහෙත් ටිබෙට් රටේ කතා 565ක් ද සියම් රටේ කතා 550ක් ද දක්නට ලැබේ.
ඡාතක කතා බෞද්ධයීන් අතර ඉතා ඡනප්‍රිය වු කතා වීම විශේෂය. එදිනෙදා ඡිවිතයේ දී ඡාතක කතා යොදාගත් බව පෙනේ. නාලන්දාවේ පැරණි ස්ථුපවල ඡාතක කතා විනයට නගා ඇත.
ලංකාවේ රුවන්වැලි සෑයේ ඇතුළු ගර්භයේ ඡාතක කතා නිර්මාණය කර ඇති බව මහාවංශයේ දැක්වේ. අඡන්තා සිතුවම් වල ද ඡාතක කතා නිර්මාණය කර ඇත. අභයගිරියේ දළදා උත්සවයේදී පාහියන් භික්ෂුවට ඡාතක කතා 500ක් දක්නට ලැබෙනු බව සදහන් වේ. මිහිදු හිමියන් ගේ පැමිණීමෙන් පසු ලාංකික බෞද්ධයන් අතර විශෙෂයෙන් ඡනප්‍රියත්වයට පත් වුයේ ඡාතක කතා ය. ඊට හේතු කිහිපයකි. කතා පොතක් වීමත්. පොදුවේ රසාස්වාදය ලැබීය හැකී වීමත්.
ධර්ම විනය උගත හැකි වීමත්. ඒ කරුනු ය. සිංහල පොත් පත් ලියු ලේඛකයන් ඡාතක කතා ගුරු කොට ගනිමින් විවිධ නිර්මාණ බිහි කළ හ. මුවදෙව්දාවක. සසදාවත. කව්සිළුමිණ වැනි ග්‍රන්ථ බිහි වුයේ ඡාතක කතා පාදක කරගෙනය. ඡාතක කතා බෞද්ධයින් අතර කෙතරම් ඡනපිය වුවේ ද යත් ඡාතක පොත් වහන්සේ යන නාමයෙන් පියුම් ලැබීමට ඡාතක පොත සමත් විය.