නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව 1947 අගෝස්තු මාසයේ මහ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයෙන් ආසන වැඩි ගණනක් දිනාගත් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක් පිහිටුවීය. එම ආණ්ඩුවේ අගමැති ධූරයට පත්වූයේ ඩී එස් සේනානායක මහතාය.
1947 සැපැතැම්බර් මාසයේ සිට මෙම ආණ්ඩු ක‍්‍රමය කි‍්‍රයාත්මක විය. නව රජයේ අගමැති තුමා ප‍්‍රමුඛ සෙසු දේශීය නායකයන්ගේ ඉල්ලීම් හා එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත බොහොමයකට නිදහස ලබාදීමේ බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රතිපත්තිය මත 1948 පෙබරවාරි 4 වෙනි දින ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණි අවුරුදු 15 ක් පමණ මෙරට පැවැති බි‍්‍රතාන්‍ය පාලනය එතැනින් අවසන් විය.
