මෙම කොමිෂම ලංකාවට පැමිණීමෙන් පසු දේශීය අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කරන ලදී නව ආණ්ඩුක‍්‍රම කෙටුම්පත නමැති ලියවිල්ලක් ඔවුන්ට භාර දෙන ලදි. සෝල්බරි කොමිෂමේ යෝජනා සකස් වූයේ එම ලියවිල්ලේ ඇතුළත් වු කරුණු පදනම් කරගෙනය. ක‍්‍රමවත් ව්‍යවස්ථා මාලාවකට අනුව සෝල්බරි ප‍්‍රතිසංස්කරණ සකස් විය.
1947 දී ක‍්‍රියාත්මක වූ සොල්බොරි ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයේ ප‍්‍රධාන ලක්ෂණ මෙසේය.
1. ආණ්ඩුකරු වෙනුවට අග‍්‍රාණ්ඩු කාරයෙකු පත් කිරීම.
2. ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටුවීම.
3. අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඇති කිරීම.
4. රාජ්‍ය සේවා හා අධිකරණ සේවා යනුවෙන් කොමිෂන් සභා දෙකක් පිහිටුවීම.
මෙම යෝජනා මාලාව අනුව අග‍්‍රාණ්ඩුකරු බි‍්‍රතාන්‍ය කිරීටය නියෝජනය කළ නාමමාත‍්‍ර විධායකය විය. ඔහුගේ බලය බෙහෙවින්ම සීමාසහිත විය. ඊට පාලනය කිරීමේ විධායක බලය අගමැති කැබිනට් මණ්ඩලය සහිත පාර්ලිමේන්තුවට ලැබුණි.
පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන අංගය වූයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයයි. එය මන්තී‍්‍රවරුන් 101 කින් යුක්ත විය. ඉන් 95 ඡුන්ද කොට්ඨාශ අනුව සර්වජන ඡුන්දයෙන් තෝරාගත් අතර ඉතිරි හය දෙනා අග‍්‍රාණ්ඩුකරු විසින් නම් කිරීමෙන් පත් විය. නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ නිල කාලය වසර පහක් විය.
පාර්ලිමේන්තුවේ අනෙක් කොටස සෙනෙට් සභාව හෙවත් උත්තර මන්තී‍්‍ර මණ්ඩලයයි. එහි සාමාජික සංඛ්‍යාව 30 කි. ඉන් 15 ක් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ ඡුන්දයෙන් හා ඉතිරි 15 අගමැති වරයාගේ උපදෙස් මත අග‍්‍රාණ්ඩු කාරයා විසින් නම් කරනු ලැබීමෙන් පත්විය.
නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර කැමැත්තට අනුව අගමැති තේරී පත්විය. අගමැති නිල වශයෙන් පත් කළේ අග‍්‍රාණ්ඩුකරු විසින් ය. කැබිනට් මණ්ඩලය අගමැතිගේ කැමැත්ත අනුව පත්විය. එහි සාමාජිකයන් 2 ක් සෙනෙට් සභාවෙන් තෝරාගත යුතු විය. ඉන් එක් අයෙකුට අධිකරණ ඇමති ධූරය හිමි විය. සෙසු කැබිනට් ඇමතිවරු නියෝජිත මන්තී‍්‍රවරුන් අතරින් තෝරා ගත යුතු විය. ආරක්‍ෂක හා විදේශ කටයුතු පිළිබඳ ඇමති ධූරය නිල බලයෙන් අගමැතිට හිමිවිය.
පරිපාලන සේවයේ හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම රාජ්‍ය සේවා හා අධිකරණ සේවා කොමිෂන් සභා දෙක පිහිටුවීමේ අරමුණ විය.
