රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කාරක සභා
 

1931 ජුනි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව ජූලි හතවන දින රාජ්‍ය මන්ත‍්‍රණ සභාව රැස්විය. මෙම මන්ත‍්‍රී පිරිස දිවුරුම් දීමෙන් පසු රාජ්‍ය නිලධාරීන් තිදෙනා හැර ඉතිරි 28 දෙනා කාරක සභා 7 කට බෙදන ලදී.

ඒ මෙසේය,

කාරක සභාවේ නම - සභාපති වරයාගේ නම
ස්වදේශ කටයුතු - ඩී. එස් ජයතිලක මහතා
කෘෂිකර්ම හා ඉඩම් - ඩී. එස් සේනානායක මහතා
පළාත් පාලන - සී බටුවන් කුඩාව මහතා
සෞඛ්‍ය සේවා - ටී. බී. පානබොක්කේ මහතා
කම්කරු, කර්මාන්ත හා වෙළඳ කටයුතු - පී සුන්දරම් මහතා
අධ්‍යාපන - සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා
ගමනාගමන හා පොදු වැඩ - එච්. එම්. මාකන් මාකර් මහතා
ඇමැති මණ්ඩලය සකස් වූයේ මෙම කාරක සභාවල සභාපතිවැරන් හත් දෙනාගෙන් හා රාජ්‍ය නිලධාරින් තිදෙනාගෙනි.

ආණ්ඩුකාරයාට හා රාජ්‍ය නිලධාරීන් තිදෙනාට රජයේ බලතල හා වැදගත් දෙපාර්තමේන්තු අයත්වීම නිසා මේ ආණ්ඩු ක‍්‍රමය පිළිබඳවද ලාංකික නායකයෝ සෑහීමකට පත් නොවුහ. මේ පිරිස ආණ්ඩුකරුගේ බලතල සීමා කරන ලෙසත් යුරෝපීයන් වු රාජ්‍ය නිලධාරීන් තිදෙනාගේ බලතල දේශීය අමාත්‍යවරුන් වෙතට පවරන ලෙසත් ඉල්ලමින් උද්ඝෝෂණය කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017