වැඩි වගකීම් සහිත ආණ්ඩු ක‍්‍රමයක් ඉල්ලා නැවත උද්ඝෝෂණ ඇතිවිය. 1927 ඩොනමෝර් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කොමිසමක් ලංකාවට පැමිණීම එම උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයකි. මේ කොමිසමේ යොජනා පදනම් කරගත ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය 1931 සිට ක‍්‍රියාත්මක විය.
ඩොනමෝර් කොමිසමේ ප‍්‍රතිසංස්කරණ :
1. සර්ව ජන ඡන්ද බලය ලබාදීම.
2. ප‍්‍රදේශ මූල නියෝජන පුළුල් කිරීම.
3. රාජ්‍ය මන්ත‍්‍රණ සභාව පිහිටුවීම.
4. විධායක කාරක සභා ක‍්‍රමය ආරම්භ කිරීම.
මීට කලින් පැවැති ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයෙන් ඡුන්ද බලය හිමිවූයේ සීමිත පිරිසකටය. එය රටේ මුළු ජනගහනයෙන් 4%ක් විය. අධ්‍යාපන සුදුසුකම්, දේපල හිමිකම ඒ සඳහා අවශ්‍ය විය.
ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණය මගින් වයස අවුරුදු 21 ට වැඩි ගැහැණු පිරිමි දෙපක්ෂයටම කිසිදු බේදයකින් තොරව ඡන්ද බලය ලැබීම විශේෂත්වයකි.
ඡන්ද කොට්ඨාශ බෙදා ඡුන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු 1927 - 1931 අතර කාලය තුළ අවසන් කිරීම නිසා ප‍්‍රදේශ මූල නියෝජනය පුළුල් විය. ජාතීන් අනුව මන්ත‍්‍රීන් තේරීමේ ක‍්‍රමය අහෝසි කර දැමීමද වැදගත් සිදුවීමයකි.
ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණයේ වැදගත් අංගය වූයේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවයි. එහි මන්ත‍්‍රීන් සංඛ්‍යාව 61 ක් විය.
රාජ්‍ය මන්ත‍්‍රණ සභාව සාමාජිකයන් 61 යි
සර්වජන ඡන්දයෙන් ඡන්ද කොට්ඨාශ පදනමින් තෝරාගත් මන්ත‍්‍රීන් 50 යි
ආණ්ඩුකරු නම් කළ මන්ත‍්‍රීන් 08 යි
රාජ්‍ය නිලධාරින් තිදෙනාටද නිල බලයෙන් එහි සාමාජිකත්වය හිමිවිය.
රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්
