කෝල්බෲක් යෝජනාවල දුර්වලතා
 

1. විධායක හ ව්‍යවස්ථාදායක සභාවල සභාපති වූයේ ආණ්ඩුකාරයාය. මේ සභාවලය යෝජනා ඉදිරිපත් කළේ ද ආණ්ඩුකරු විසින්මය. තීරණ ගැනීම සඳහා වැඩි ඡන්දය අවශය වන විටක එවැනි යෝජනා ඉවත දැමීමේ බලය ආණ්ඩුකරුට හිමිවිය. ව්‍යවස්ථාදායකගේ නිල නොලත් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුකරු පත්කළ අය නිසා ඔහුට විරුද්ධව යාමට මේ පිරිසට නොහැකි විය.

2. ආණ්ඩුකරු පත්කළ මන්ත‍්‍රීවරුන්ගෙන් රටේ බහුතර ජනයාගේ අදහස් නියෝජනය නොවීය.

3. පළාත් 16 පහ දක්වා අඩුකිරීම නිසා පරිපාලන ඒකක විශාල වී පරිපාලනය දුර්වල විය.

4. සිවිල් නිලධාරින්ට වාණිජ කටයුතු හා වගා කටයුතුවල යෙදීමට අවසර දීම නිසාද ඔවුන්ගේ පරිපාලන කටයුතු අකාර්යක්ෂම වීම, මුදල් ඉපැයීම සදීහා වැඩි උනන්දුවක් දැක්වීම මෙයට හේතු විය.

5. රාජකාරි ක‍්‍රමය අවංගු කිරීම නිසා චිරාගත සම්ප‍්‍රදාය බිඳවැටී කෘෂිකර්මයද පිරිහී ගියේය. කෝල්බෲක් කොමීෂමේ නිලධාරීන් රාජකාරි වහල් මෙහෙයක් ලෙස සලකා එය ඉවත් කිරීමට පියවර ගත්තත් ලංකාවේ රාජකාරිය රටේ සංවර්ධනයට උර දුන් සේවා ක‍්‍රමයක් විය.

උගත් ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි 1839 දී ව්‍යවස්ථාදායක සභාව වෙනසක් සිදුවිය. උඩරට සිංහලයන් හා මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් නිල නොලත් සාමාජිකයන් දෙදෙනෙකු පත්කිරීම එම වෙනසයි.

ව්‍යවස්ථාදායක සභාවේ වැඩිපුර බලතල ඉල්ලා 1840 න් පසු උද්ඝෝෂණ ඇතිවිය. ලංකා ජාතික සභාව, හලාවත සංගමය, හා යාපනය සංගමය මෙහි මූලිකත්වය ගත් අතර,

1. ව්‍යවස්ථාදායකයේ නිල නොලත් සාමාජිකයන් ගණන වැඞී කිරීම.
2. ප‍්‍රදේශ මූල නියෝජන ක‍්‍රම ඇතිකිරීම.

3. විධායක සභාවට නිල නොලත් සාමාජිකයන් පත් කිරීම ආදීය මේ සංගම් මඟින් ඉල්ලා සිටියහ.

1910 ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය එහි ප‍්‍රතිඵලයකි. 1912 දී ක‍්‍රියාත්මක වු එම ප‍්‍රතිසංස්කරණය අනුව ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් ගණන 21 දක්වා වැඩි විය.

(c) Shilpa Sayura Foundation 2006-2017