බි‍්‍රතාන්‍ය පාලනය ආරම්භ වූ අවධියේ සිටම බි‍්‍රතාන්‍යයනට මෙරටින් ලැබුණු ආදායමට වඩා රටේ පාලන කටයුතු සඳහා වැයවූ මුදල වැඩි වූ නිසා මේ පිළිබඳව සොයා බැලීම සඳහා 1829 දී විලියම් කෝල්බෲක් ඇතුළු කණ්ඩායමක් ලංකාවට එවීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගත්තේ ය.
මේ පිරිස මූල්‍ය කටයුතු, පරිපාලනය, ආදායම් මාර්ග, රාජ්‍ය ආයතනවල ක‍්‍රියා පටිපාටිය, රාජකාරි ක‍්‍රමය ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව කරුණු සොයා බලා යෝජනා ඉදිරිපත් කළ අතර 1830 දී ලංකාවට පැමිණි චාල්ස් හේ කැමරන් අධිකරණ ක්‍ෂේත‍්‍රය පිළිබඳ සොයා බලා එය කළ යුතු වෙනස්කම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළේ ය.
කෝල්බෲක් කොමිසමේ යොජනා සැකසීමේදී එකල බි‍්‍රතාන්‍යයේ පැතිරී ගොස් තිබුණු ලිබරල් වාදී දේශපාලන හා ආර්ථික න්‍යයායන් බෙහෙවින් බලාපා ඇති අතර බි‍්‍රතාන්‍යයේ පැවැති පාලන ක‍්‍රමයට සමාන පාලන ක‍්‍රමයක් ලංකාවේ ද ඇති කිරීමට කෝල්බෲක් කොමසාරිස් වරුන් උත්සාහ කර ඇති බවද පෙනී යයි.
කොමිෂමේ යෝජනා
1. මෙතෙක් වෙන් වෙන්ව පාලනය වූ මුහුදුබඩ පළාත් හා කන්ද උඩරට ප‍්‍රදේශය එකම පාලනයක් යටතට ගෙන ඒම.
2. ඒ වන විට ක‍්‍රියාත්මක වූ පරිපාලන ඒකක පළාත් 16 පළාත් 5 දක්වා අඩු කිරීම. පරිපාලන වියදම් අඩු කර ගැනීම එහි පරමාර්ථය විය.
අලූත් පරිපාලන ඒකක පහ මෙසේය.
බටහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය -කොළඹ
දකුණු පළාත - ගාල්ල
උතුරු පළාත - යාපනය
නැගෙනහිර පළාත - ත‍්‍රිකුණාමලය
මධ්‍යම පළාත - මහනුවර
මෙම බෙදීම අනුව උඩරට අයත්ව තිබුණු සමහර ප‍්‍රදේශ අනෙක් පළාත්වලට අයිති විය.
3. ආණ්ඩුකරුට හිමිවී තිබුණු අසීමිත බලතල අඩු කිරීම සඳහා ඔහුගේ සහායට ව්‍යවස්ථාදායකය හා විධායකය යනුවෙන් සභා දෙකක් පිහිටුවීම.
4. සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කිරීම හා විශ‍්‍රාම වැටුප් අවලංගු කිරීම මඟින් රජයේ වියදම් අඩුකර ගැනීම. ඔවුන්ට තම ආදායම වැඩි කර ගැනීම සඳහා වතු වගාව වැනි පෞද්ගලික ව්‍යවසායක කටයුතුවල යෙදීමට හා නිදහස් වෙළදාමට අවසර දීම.
5. ලාංකිකයන්ට පරිපාලන සේවයට පිවිසීමට අවස්ථාව ලබාදිම සඳහා ඉංග‍්‍රිසි අධ්‍යාපනය පුළුල් කිරීම.
6. රටේ නව ආර්ථික රටාවක් ඇති කිරීම සඳහා ආර්ථික රටාවක් ඇති කිරීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳව රජයේ ඒකාධිකාරය අවලංගු කිරීම හා පෞද්ගලික ව්‍යවසායට හා නිදහස් වෙළඳාමට අවසර දීම.
7. වියදම් අඩු කර ගැනීම සඳහා රජයේ ඇතැම් දෙපාර්තමේන්තු වසා දැමීම හා සමහර දෙපාර්තමේන්තු ඒකාබද්ධ කිරීම.
8. විදේශීය ව්‍යවසායකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා තීරු බදු ලිහිල් කිරීම, ඉඩම් විකිණීමේදී තිබුණ ඇතැම් බාධක ඉවත් කිරීම.
9. වතු වගාව සඳහා ශ‍්‍රමය පහසුවෙන් ලබා ගැනීම සඳහා රාජකාරි ක‍්‍රමය අවලංගු කිරිම.
10. එවකට පැවැති ගම් සභා වෙනස් නොකොට පවත්වාගෙන යාම.
11. ශ්‍රේෂ්ඨාධිකරණ දිවයිනේ උත්තරීතර ආයතනය ලෙස පිළිගැනීම හා ඒ යටතේ දිස්ත‍්‍රික් උසාවි පිහිටුවීම.
මෙම යෝජනා මාලාව 1833 සිට ක‍්‍රියාත්මක විය.
ව්‍යවස්ථාදායකය හා විධායක සභා පිහිටුවීම නිසා ආණ්ඩුකරුගේ බලය තරමක් දුරට සීමාවිය. එහෙත් පාලනය හා මුදල් කටයුතු පිළිබඳව අවසාන තිරණ ගැනීමේ බලය තවදුරටත් ආණ්ඩුකාරයා සතු විය.
විධායක සභාව නිල ලත් 9 යි
රාජ්‍ය නිලධාරීන් වූ යුරෝපීයයන් වෙනුවෙන් 3 යි
සිංහලයන් වෙනුවෙන් 1 යි
ද්‍රවිඩයන් වෙනුවෙන් 1 යි
බර්ගර් 1 යි
1833 ව්‍යවස්ථාදායක සභාව
සාමාජිකයන් 15 යි
නිල නොලත් 6 යි
ආණ්ඩුකාරයා විසින් පත් කරන ලදී
ලංකාවේ නියෝජන ක‍්‍රමයේ ආරම්භය ලෙස ව්‍යවස්ථාදායක සභාව වැදගත් වෙයි.
විධායක සභාව: රටේ ඉහළම තනතුරු දැරූ සිවිල් හා යුද්ධ නිලධාරින් හය දෙනෙකු ගෙන් යුක්ත විය.
