අධ්‍යාපන කාරක සභාව
 

ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ 1931 වර්ෂයේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව පිහිටුවීමෙන් පසු එහි කාරක සභා 7 න් එකක් අධ්‍යාපනය සඳහා වෙන්විය. එහි සභාපතිට අධ්‍යාපන ඇමති ධූරය හිමිවිය. එතෙක් කල් එංගලන්ත නියෝජිතයන් විසින් කරන ලද අධ්‍යාපන ප‍්‍රතිපත්ති සැකසීම හා ක‍්‍රීයාත්මක කිරීම පිළබිඳ වගකීම ලංකිකයන් අතට පත්විය. එය ලංකා අධ්‍යාපන ඉතිහාසයේ වැදගත් සන්ධිස්තානයක් විය. අධ්‍යාපන ඇමතිවරයා වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එකල සිටි අධ්‍යාපන විශේෂඥයන් එක්වීීඅධ්‍යාපන විශේෂ කාරක සභාවඬඬ පිහිටුවා ගැනීම සහ ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ ඇති කළ යුතු වෙනස්කම් පිළීබඳ වාර්තාවක් සැකසීම ශ‍්‍රී ලංකා අධ්‍යාපනය නව මගකට යොමු කිරීමට හේතු විය. එම කාරක සභාවේ විශේෂ වාර්තාව 1943 දී ප‍්‍රසිද්ධියට පත්විය.

එහි ඇතුළත් වූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා :
1. රජයේ සහ පෞද්ගලික පාසල්වල එක හා සමාන අධ්‍යාපනයක් ලබාදීමට පියවර ගත යුතුය.

2. රටේ සියලූම පාසල් ප‍්‍රාථමික හා පශ්චාත් ප‍්‍රාථමික යන දෙවර්ගයට ඇතුළත් විය යුතුය.

3. පස්වන පන්තියෙන් ඉහළට යන ශිෂ්‍යයන් තුන් වර්ගයක පශ්චාත් ප‍්‍රාථමික පාසල්වලට යොමු කළ යුතුය.
එනම්,

-විශ්ව විද්‍යාලයට හා වෘත්තීය අධ්‍යාපනයට යොමු කරවන ද්විතීයික පාසල්

-උසස් කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් සූදානම් කරන ජ්‍යෙෂ්ඨ පාසල්

-කෘෂිකාර්මික හා වාණිජ අංශවලින් උසස් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කරවන ප‍්‍රායෝගික පාසල්.
-ප‍්‍රාථමික පාසල් අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් විය යුතුය.

-බාලාංශයේ පටන් විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ලබා දිය යුතුය.

-අවුරුදු පහේදී ළමුන් අනිවාර්යෙන්ම පාසල් යැවිය යුතුය.

-දුප්පත් හා දක්ෂ දරුවන් සඳහා රජය විසින් නොමිලයේ ඉඳුම් හිටුම් හා ආහාරපාන සැපයිය යුතුයි (ශිෂ්‍යත්ව ක‍්‍රමය*

මෙම යෝජනාවලින් සමහරක් 1945 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක විය. ඒ අනුව රටේ සංවර්ධන කාර්යය සඳහා උරදීමට හැකි පිරිසක් බිහිකරලීමට හැකි අධ්‍යාපන ක‍්‍රමයකට ලක්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017