අනිවාර්ය අධ්‍යාපනය තිරවීම
 

දංශීය මධ්‍යම පංතික ඉංග‍්‍රිසි උගතුන් විසින් සෑම දරුවෙකුටම තම මව්බසින් අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් හෙයින් ඉංග‍්‍රීසි ආණ්ඩුව 1906 දී නාගරික පාසල් ආඥා පනත නීතිගත කළේය. 1908 දී ග‍්‍රාමීය පාසල් ආඥා පනත නීතිගත කිරීමෙන් පසු නාගරික හා ග‍්‍රාමීය දරුවන් හැමටම ස්වභාෂාවන් වූ සිංහල හා දෙමළ බසින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසුණි.

1920 අංක 1 දරණ අඥා පනතින් එවකට රජයේ මුදල් වැය කළ හැම පාසලක්ම රජයේ පාලනය යටතට ගැනුණි. ප‍්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලෙස නම් කරන ලදී. අධ්‍යාපනය පිළිබඳව උපදෙස් දීම සඳහා අධ්‍යාපන මණ්ඩලයක් ද පත් කෙරිණි.

පාසල් යාම අනිවාර්ය කිරිම, පාසල් නොමැති ප‍්‍රදේශවල රජයේ පාසල් ආරම්භ කිරීම, විධිමත් පදනමක් මත වතු පාසල් ගොඩනැංවීම යන වගකීම්ද අධ්‍යාපන මණ්ඩලයට පැවැරුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017