පිරිවෙණ දේශීය අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රමුඛ ආයතනය විය. කෝට්ටේ යුගයෙන් පසු පරිහානියට පත්ව තිබූ මෙම ආයතන යළි පණ ගැන්වීම භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සිදුවිය.
1837 දී වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ මූලිකත්වයනේ රත්මලානේ පරම ධම්ම චේතිය පරිවෙණද,
1873 දී හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙණද,
1875 දී රත්මලානේ ශ‍්‍රී ධම්මාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙණ ද ආරම්භ විය.
ගිහි පැවිදි දෙපක්ෂයම මෙම පිරිවෙන්වල අධ්‍යාපනය ලැබූ අතර ධර්ම විනය, තර්ක ශාස්ත‍්‍රය, ඡුන්දස් අලංකර, සිංහල, පාලි, සංස්කෘත, පුරා විද්‍යාව, ජ්‍යොතිෂය, ගණිතය, හා දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයද මෙම පිරිවෙන්වල ඉගැන්විණි. 1876 සිට පිරිවෙන්වලට රජයේ ආධාර සැපයීම ආරම්භ විය.
1902 දී බරෝස් නමැති අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගේ මූලිකත්වයෙන් කොළඹ ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම පිහිටුවීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය වඩාත් ක‍්‍රමවත් විය.
පිරිවෙන් සඳහා පොදු විෂය මාලාවක් හඳුන්වා දීම, වාර්ෂික විභාග පවත්වා, සහතික පිරිනැමීමේ ක‍්‍රමය ඉන්පසු ක‍්‍රියාත්මක විය. 1919 දී පිරිවෙන් පරීක්ෂක ධුරයක් ඇති කළ අතර 1949 දී පිරිවෙන් අධ්‍යාපනය නැවතත් දියුණුට පත්විය.
බෞද්ධ, හින්දු හා මුස්ලිම් පාලස් ආරම්භ වීම.
බෞද්ධ හා හින්දු ජන කොටස් අතර ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධයක් ඇති කිරීමේ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස අධ්‍යාපනය යොදාගත හැති බව තේරුම්ගත් බෞද්ධ හා හින්දු නායකයෝද ඒ සඳහා සමිති සමාගම් කීපයක්ම ආරම්භ කළහ.
මේ සමිති මඟින් මිෂනාරි අධ්‍යාපනය තදින් පැතිරී ගොස් තිබුණු ප‍්‍රදේශවල බෞද්ධ හා හින්දු පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයක් දියත් කෙරිණි.
