1884 වර්ෂයේ කොළඹ කෘෂිකර්මික විද්‍යාලය පිහිටුවිණි. ප‍්‍රයෝගික විෂයයක් ලෙස කෘෂිකර්මය ප‍්‍රචලිත කිරීම එහි අරමුණයි. දුමිරිය, මිනින්දෝරු සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවල කාර්මික නිලධාරීන් පුහුණු කිරීම සඳහා 1893 දී රජයේ කාර්මික විද්‍යාලය ආරම්භ විය.
1885 දී කොළඹ නිති විද්‍යාල ආරම්භ විය. 1870 දී කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු බටහිර වෛද්‍ය විද්‍යාව ලංකාවේ හැදෑරීමේ අවස්ථාව ලැබුණි. 1921 දී ආරම්භ කළ ලංකා යුනිවර්සිටි කොලීජිය මඟින් බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලවලින් ලබාගත් උපාධිය ලංකාවේදීම ලබාගත හැකිවිය.
මෝගන් කමිටුවේ නිර්දේශ අනුව ශ‍්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශලා පරිවර්තනයක් ඇති විය. අධ්‍යාපනය හා සම්බන්ධ වගකීමද ක‍්‍රම ක‍්‍රමයෙනක් රජය අතට පත්විය. 1944 කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වන තෙක් මෝගන් කමිටුවේ යෝජනා දිගටම ක‍්‍රියාත්මක විය.
