ව්‍යවස්ථා දායක සභාවේ සිටි දේශීය නිලනොලත් මන්ත‍්‍රීවරුන් වූ ජේමිස් ද අල්විස්, හා මුත්කුමාරස්වාමි යන අයගේ ඉල්ලීම් සහ එකල පුවත්පත්වල පළවූ අදහස්ද සැලකිල්ලට ගත් බි‍්‍රතාන්‍ය රජය ලංකාවේ සියලූම පාසල් පරිපාලනය සඳහා මධ්‍යගත ක‍්‍රමයක් යෝජනා කිරීම සඳහා මෝගන් නම් කමිටුව පත් කළේය. එම කමිටු වාර්තාව 1867 දි නිකුත් විය.
මෝගන් කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක වීම
1867 වර්ෂයේදී මධ්‍යම පාසල් කොමිෂම අහෝසි කොට අධ්‍යාපනය අ්‍යක්ෂ වරයෙකුගේ පරිපාලනය යටතේ පොදු ඉගැන්වීමි දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.
අනිවාර්ය වු ආගම ඉගැන්වීමේ ප‍්‍රතිපත්තිය මූලාරම්භයයි.
ගුරුවරුන් පුහුණු කිරිමේ වැඩ පිළිවෙලක් ආරම්භ විය.
මිෂනාරි පාසල් හා පෞද්ගලික පාසල්වලට රජයේ ආධාර ලබාදීම ආරම්භ විය. මේ නිසා රජයේ පාසල් පද්ධතියට සමාන්තරව ආධාර ලබන පාසල් සංවිධානයක් බිහිවිය.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ ඇකඩමියේ ශාඛාවක් ක්වීන්ස් කොලීජිය ආරම්භ කෙරිණි.
එතෙක් ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට සීමා වී තිබුණු උසස් අධ්‍යාපන සම්බන්ධතා කේම්බි‍්‍රජ්, ඔක්ස්ෆර්ට් හා ලන්ඩන් යන බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාල මඟින් සම්බන්ධ කරන ලදී. කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ විභාග බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යලය මඟින් පැවැත්වීමට කටයුතු සම්පාදනය විය. රජයේ සහ ආධාර ලබන පාසල්වල සිසුන්ට මෙම විභාග සඳහා ඉදිරිපත්විය හැකි විය.
