ලන්දේසි පාලන යුගයේදී ස්කොලාකල් කොමිසම යටතේ මෙරට මිෂනාරී අධ්‍යාපන ක‍්‍රමය මැනවින් සංවිධානය වී තිබුණි. ඉංග‍්‍රිසීන් පාලනය භාර ගන්නා විට මෙරට දේශීය අධ්‍යාපන ක‍්‍රමයද ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක විය. ඉංග‍්‍රීසින් යටතේ මෙරට දේශීය අධ්‍යාපන ක‍්‍රමය හා ලන්දේසි අධ්‍යාපන ක‍්‍රම දෙකම අභාවයට ගියේය.
1802 න් පසුව පෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකරු අධ්‍යාපනය ගැන උනන්දු විය. ඔහු ලන්දේසි පාසල් ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කොට ක‍්‍රිස්තියානි ආගමික පරිසරයක් තුළ බටහිර ක‍්‍රමයේ අධ්‍යාපනයක් තමා යටතේ වැසියන්ට ලබාදීමට කටයුතු ආරම්භ කළේය.
ඒ සඳහා ඔහු ජේමිස් කෝඩිනර් දේවගැති වරයාගෙන් සහ ලන්ඩන් මිෂනාරි සමාගමේ පූජකවරුන්ගේ සහායද ලබා ගත්තේ ය. කෝඩිනර් දේවගැති තුමා පාසල් අධිකාරී ලෙස පත් කරනු ලැබීය. පාසල් සඳහා පරිපාලන නිලධාරීන් සහ ගුරුවරුන් පත්කිරීම ඔහුට භාර විය. ලන්දේසින්ගේ පැරිස් පාසල් ක‍්‍රමය නැවත ඇති කොට පාසල් විෂය මාලාවට ක‍්‍රිස්තියානි ආගම, අංක ගණිතය, ලිවීම, කියවීම ආදී විෂයයන් ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
බි‍්‍රතාන්‍ය පාලනය ගෙන යාමට උපකාරී වූ දේශීය ප‍්‍රභූන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදිම සඳහා කොළඹ ඇකඩමිය ආරම්භ විය. රජයේ සේවය සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ සීමිත කොටසක් දේශීය ජනයාගෙන් තෝරාගෙන ඔවුනට ඒ සඳහා පුහුණුවක් ලබා දුන් නිසා කොළඹ ඇකඩමිය ඉතා ජනප‍්‍රිය අධ්‍යාපන ආයතනයක් විය.
මුස්ලිම් ජනතාවටද අධ්‍යාපනය ලබාදීම සඳහා මද්රාෂ් නමැති මුස්ලිම් පාසල් ක‍්‍රමයක්ද ආරම්භ විය. නෝර්ත් ආණ්ඩුකරු අධ්‍යාපන කටයුතු සඳහා විශාල මුදලක් වැය කළ බැවින් යටත් බ්‍රිතාන්‍යය විජිත ලේකම්වරයාගේ අධ්‍යාපන වියදම්වලින් 2/3 ක් කපා දැමීය. ඒ නිසා පැරිෂ් පාසල් වසා දැමීමට සිදුවූ අතර ඇකඩමියේ අධ්‍යාපන කටයුතු අඩපණ විය.
ලංකාවේ සිටි ක‍්‍රිස්තියානි පූජකවරු මෙම තත්වය එංගලන්තයේ රජයට දැනුම් දුන් අතර රොබට් බ‍්‍රවුන්රීග් ආණ්ඩුකරුගේ කාලයේ නැවතත් මෙරට ඉංග‍්‍රීසි අධ්‍යාපනය දියුණුවට පත්විය. ඉංග‍්‍රිසි මිෂනාරි සමාගම් කීපයක් මෙරටට පැමිණ විවිධ පළාත්වල මිෂනාරි පාසල් ආරම්භ කළහ. ඊට රාජ්‍ය අනුග‍්‍රහයද ලැබුණු නිසා මීෂනාරි අධ්‍යාපන ක‍්‍රමය මෙරට ව්‍යාප්ත විය. 1815 න් පසු උඩරට ප‍්‍රදේශවලද මීෂනාරි අධ්‍යාපන ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරිම ආරම්භ විය.
මිෂනාරි අධ්‍යාපනය ව්‍යාප්තකිරීම සඳහා එංගලන්තයෙන් මෙහි පැමිණි මිෂනාරි සමාගම් අතර බැප්ටිස්ට් සමාගම, වෙස්ලියන් මෙතොදිස්ත සංගමය, එංගලන්ත සභාව යන ඒවා වැදගත් විය. 1890 පමණ වන විට පාසල් වර්ග 3 ක් විය
1. රජයේ පාලනය යටතේ වු පාසල්
2. මිෂනාරි සමාගමේ මඟින් පවත්වාගෙන ගිය පාසල් සහ
3. පෞද්ගලික පාසල් ඒවාය
රජය මඟින් පවත්වාගෙන ගිය පැරිස් පාසල් සංඛ්‍යාව 97 ක් විය. මෙම පාසල්වල අධ්‍යාපනය ලබා දුන්නේ ස්වභාෂා මාධ්‍යයෙනි. උප්පැන්න හා මරණ ලියාපදිංචි කරන ලද්දේ ද මෙම පාසල් වලදීය. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දුන් කොළඹ ඇකඩමියද රජයේ පාසලක් විය.
මිෂනාරි සමාගම් පාසල් වර්ග කීපයක් පවත්වාගෙන ගිය බව පෙනේ. ස්වභාෂා පාසල්, ඉංග‍්‍රිසි බාලිකා පාසල්, නේවාසික පාසල් හා සෙමනේරි එම පාසල් වර්ගයන් ය. උඩරට ප‍්‍රදේශ කීපයකද මෙම පාසල් ක‍්‍රියාත්මක විය.
පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබා දුන්නේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පමණකි. කතෝලික සභාව මඟින් පවත්වාගෙන ගිය පාසල් ද පෞද්ගලික පාසල් ලෙස පිළිගනු ලැබිණි.
කෝල්බෲක් යෝජනා අනුව රාජ්‍ය සේවයට අයත් නිලධාරීන් මෙරට පාසල් වලින්ම ලබාගත යුතු යයි තීරණය වූ බැවින් 1833 න් පසුව රජයේ හා මිෂනාරි පාසල්වල අධ්‍යාපනය ඉංග‍්‍රිසි මාධ්‍යයට පමණක් සීමා විය. දේශීය භාෂා මුල් කරගත් අධ්‍යාපනය පරිහානියට පත්විය.
183 දි කෝල්බෲක් යෝජනා අනුව පාසල් කොමිසමක් පිහිටුවන ලදී. රජයේ පාසල් පිළිබඳ සම්පූර්ණ වගකීම මෙම කොමිෂමට පැවරුණි. මෙම කොමිෂමේ ප‍්‍රධානත්වය දැරුයේ එංගලන්ත සභාවට අයත් පූජකවරයෙකි. ඔහු ආව්ඩිකන් නම් විය.
1841 දී පාසල් කොමිෂම විසුරුවා හැර මධ්‍යම පාසල් කොමිසම පත් කරන ලදී. මෙයට එංගලන්ත සභාවේ එවකට පැවැති සියලූම මිෂනාරි සමාගම්වල පූජකයන්ද රජයේ උසස් නිලධාරීන්ද ඇතුළත් විය. එහෙත් දේශීය අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරියෙක් ඊට ඇතුළත් නොවීය.
ස්වභාෂා අධ්‍යාපනය මඟින් ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචාරය කිරීම වඩාත් පහසු හා ඵලදායි වූ බැවින් මිෂනාරි සමාගම් නැවත වරක් ස්වභාෂා අධ්‍යාපනය කෙරෙහි නැඹුරු විය. එහෙත් රජය ඒ කෙරෙහි උනන්දුවක් නොදැක්වීය.
