ආල වඩන අමුතු කිමකුත් මට හිතුනා කියන්න
බාල වයසේ ගෑනු පිරිමි ලමෝ එපා හිනා වෙන්න
රාල සමඟ බැමිණි එදා වැඳලා මව් පිය වරුන්න
කෝල නොවී පිටත්වෙලා කී ටික කදිමයි අහන්නමෙතෙක් කලක් අම්මේ මම යටත්ව උඹලා දෙන්නට
දොසක් නැතුව උනිම් අනේ නම්බුව රැකගෙන කදිමට
කලක් මෙහෙම තව හිටියත් කිලුටක් නොකරමි කුලයට
මලක් පිපුන වගේ නොවෙද අම්මේ උඹලගෙ හිතට
ඉලන්දාරි කීප දෙනෙක් මා රවටා හිනාවෙන්න
ලියුන් කියුම් ගණනාවක් එව්වා උඹලට හොරෙන්න
අනුන් ගෙ රස බස් අහලා වැරදුන බව තරුණියන්න
කණින් අසා තිබුනු නිසා බැරි උනි මා රවටගන්න
නාටක නොම කර යුතුකම රැකගෙන උන් තරුණිය න්න
දීගෙන දෙනදාට හොඳයි මල්මාලා පළඳ වන්න
දිඳුක මුනේ දැලිගා යන හැතිරියො දුටුවො තින්න
කාලෙක කිසි යන්න එපා උන්ගේ මූණවත් බල න්න
ඉතින් මෙහෙම බස් දෙඩමින් බැමිණි මඳක් පමා වෙච්චි
අරෙන් මෙහෙන් ගෑනු පිරිමි බලන්න ඇවිදින් පිරි ච්චි
මුන් පියන් දු සමඟින් බොරු ඇඩුමුත් ඉවර වෙච්චි
යමන් යමන් කියා බමුණු බැමිණි සමඟ පිටත් වෙච්චි
අදහස මගෙ තිබුනු ලෙසට බාරිය ලැබුනා කදි මට
එ දහස මසුරන් වටිනව මගෙ බාරියෙ හිනා වට
නිදහස ලෙස සැප විඳ විඳ ඉඳිමි සිතා රිසි හැටි මට
මදහස පාමින් දෙදෙනා පිටත් උනෝ යන්ට ග මට
පාඩුව මට තිබුණෙ බොලන් ගෙදර කතෙක් නැතිකම ම යි
වාඩුව ඒ ගනිමි කියා බමුණුට නිතරොම හින යි
ජෝඩුව බැඳි කරත්තෙ නම් මේ ගමනට කදිම රුව යි
ජෝඩුව දැක හිටිය සෙනග කොක්හඩලා සිනාසුන යි
ගෙයි ඇතිවන ලමිස්සියෙක් ගොලහමෙකුට දු න්නේ
දෙයියනි ඇස් කණවෙලාද මවීපිය නෑයි යනේ
කොයි හැටි මුත් මෙහෙම පදවි නැතිමයි හරි යන්නේ
වයිරයකට කළ මගුලකි ගෑණි ගේ පවති න්නේ
පැහිච්ච මේ නාකියාට මේ වයසේ මොන ගෑණු ද
පිපිච්ච මල් පොකුර වගෙ මේ ළමයා තරුණි නොවෙ ද
මැරිච්ච ග%ණියක් මිසක් වෙන එකියක් මෙහෙම යා ද
දිරච්ච දර කොටය වගේ මුත් අනේ පිරිමියෙක් ද
හිතේ ලෙසට බැරි වී නම් පිරිමියෙක් ලැබගන්න පව ර
කැතේ නොකොට අඟනුන්හට ඉන්ට බැරිද නිකම් ගෙද ර
සෙතේ මෙයින් වෙන්නේ නම් ළමයෙක් ලැබ එන්න ගෙද ර
මැතේ නොයෙක් ලෙස දොඩමින් ගෑණු ගියෝ යන්ට එව ර
තරම තිරම නොම සලකා දෙන්නා ගැලපෙනා හැටි ය
බොහොම දෙනෙක් හිර දීලා කඩාගනිති තම කරටි ය
විසම ලෙසට පෙනුනෝතින් දුවගේ පැවතුමේ හැටි ය
එහෙම තැනදි යුතුවෙන්නේ මව්පියො ගැලවෙනා හැටි ය
