දහසයවන කොටස
 


 

මහලු බමුණු දුවනියට අවවාද දීම

මේ දැන් නුඹ යන්ට සැරසුනේ දුව පැ ද
අනුන් සිටින තැනකට බව සිතුවා ද
සැපෙන් ඉන්ට සිය හිමි සහ නොව බේ ද
අසන් සතුටු වී මකීයන අවවා ද

ලැබෙන හොද නොහොද සැප දුක්‌ දෙක හිමිට
ලැබුන කත නිසා යයි කියති පෙර සිට
දැනෙන හොද නොහොද අඟනක්‌ ලත් හිමිට
වෙනින දායාද දන සම්පත් කුමට

බැන්ද පසු දුගී සමහරු දානැති වෙතී
බැන්ඳ පසු දනැති සමහර දුගී වෙතී
බැන්ඳ පසු නැණැති සමහරු මෝඩ වෙතී
බැන්ඳ පසු බොහොම දෙන ගති වෙනස්‌ වෙතී

ගෙදර සිටින අඹු සැමි දෙදෙනා නිතරේ
අදර බැඳ සිටිත්නම් නැතුව කෑමොරේ
සතිර දන නැතත් දුවනියනි මනහරේ
කවර අය පතත්දෝ ඉසුරු සුරපුරේ

අහසට එළිය ඉර හඳ මඬලේ එලිය
පුතෙකුට එලිය මව් පියහට සැලකි ලිය
මගුලට එලිය නෑ මිතුරන් ආ කලිය
ගෙදරට එලිය ගුණ නැණ යුත් තරුණ ලිය

කුල මල ඇතත් මුදලෙන් වැහිලා යාවි
හැඩ නිල ඇතත් ගුණ නැත්නම් වැර දේවි
වැඩපල උගත් ලඳ ඇත්නම් සී දේවි
පෙලබල නැතත් ගෙදරට වැඩ සෑදේවි

යටත් වී උන්නු තරමට තම හිමිට
මහත් ගරු නම්බු යස සිරි වෙයි ලඳට
පවත්නා සිරිත මේ කලි යුග කලට
යටත් වෙන්ඩ වීමයි හිමි බාරියට

කාර බැන්ඳ හිමි සහ සතුටුව ඉඳලා
සාර උනත් නූනත් නොමවෙයි අපලා
බැරලා ගොසින් ලත් හිසි සිත් බිඳලා
සාර උන කතෙක්‌ මම නම් නැත අහලා

ගෙදරට අමුත්තෙක්‌ ආ කල වී සතොසා
රසකොට අහර පිස බස්‌ දෙන ලඳ වෙසෙසා
හිමිහට යසස ඇතිකර දෙයි දුක්‌ වනසා
ඇතිවිට අමුතු අය රලු බස්‌ බොහොම විසා

සරණ කර දුන්නු හිමි සහ අඟනෙකුට
දෙරණ තුලම නැත වෙන අන් කිසි පිහිට
උරණ වෙලා කෙරුවන් හිමි යමි ගැහැට
මැරෙණ තුරා නොපතන් අන් හිමි පිහිට

ගේදොර වැඩපලද දරුවන් රැක ගැනුම
ආදරයෙන් හිමිගෙ වැඩ සියතින් කෙරුම
කෑදර කම් දුරැර ණය නැතුවම විසුම
ලෝතුර යසස්‌ පතුරන ගුණ වෙයි මෙහැට

මෙලෙසින් අවවාද කියමින් නෙක ලෙසිනා
අඬමින් දුවගෙ හිස සිඹ සනසා බැතිනා
පලයන් හිම සමඟ නිදුකින් පැවසු තැනා
වඳිමින් මව්පියන් අවසර ගති දෙදෙනා

(c) Shilpa Sayura Foundation 2006-2017